64 වන ශ්‍රීපනිප සංවත්සරය අද කදුරුවෙලදී 

slfp-logo

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සංවත්සර සැමරුම පොළොන්නරුව – කඳුරුවෙල නගරයේ – රජරට නවෝද්‍යා ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2ට පැවැත්වීමට කටයුතු කර ඇතැයි වාර්තාවේ.

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට මෙන්ම ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පවත්වන පක්ෂයේ පළමු සංවත්සර උත්සවය වන්නේද මෙයයි.

මෙම සංවත්සර උත්සවයට සහභාගි වන ලෙස පක්ෂයේ හිටපු නායකයන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට ද ආරාධනා කර ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply