හවුල් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය 93යි

ranilmeithri 1

හවුල් ආණ්ඩුවේ කැබිනට් ඇමැති මණ්ඩලය 48 දක්වා වැඩි කිරීමට ඊයේ  පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි.

ඒ සඳහා වන විවාදය ඊයේ පැවැති අතර . හවුල් ආණ්ඩුවේ ඇමැති ධූර සංඛ්‍යාව වැඩි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 127කින් සම්මත විය.

මෙම ඡන්ද විමසීම කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් සියලු දෙනාගේ නම් පිළිවෙළට අනුවය. යෝජනාවට පක්ෂව මන්ත්‍රීන් 143ක් ඡන්දය ලබාදුන් අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 16ක් පමණි. ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු 63 ක් සභාවේසිටියේ නැත.

මේ අනුව හවුල් ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධූර සංඛ්‍යාව 48 නොඉක්මවිය යුතු අතර නියෝජ්‍ය ඇමැති සංඛ්‍යාව 45 නොඉක්මවිය යුතුය.

හවුල් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය මේ අනුව 93ක් වේ.

Leave a Reply