දනගැසීමේ ඉම වෙත යන ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත
Posted on 03.07.2017 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටීන් ලගාඩ් මෙරට සංචාරයක් සදහා ඊයේ (6) යොදාගෙන තිබුන තීරණය අවසන් මොහොතේ අවලංගු කළාය. ඇය විසින් වත්මන් ආණ්ඩුව විසින් 2016 වසර සදහා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධවත් එම අයවැය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබදවත් මුල්‍ය අරමුදල විසින් සකස් කළ වාර්තාවක් අගමැති හමුවේ ඉදිරිපත් කරන්නට නියමිත වු බවද ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි. මෙම වාර්තාව මගින් ආණ්ඩුවේ මුල්‍ය පිළිවෙත් විවේචනය කර ඇති බවට ද ආරංචි පැතිර ගොස් තිබේ. විශේෂයෙන් මුල්‍ය ප්‍රතිපත්ති, බදුකරණය, ණය ගැනීමේ දෝෂ සහ වංචා දූෂන පිළිබද බරපතල කරුනු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව තුල සටහන්ව ඇති බව කියනු ලැබේ. මෙම තත්වය තුළ පැහැදිලි වන්නේ ආණ්ඩුව විසින් තවදුරටත් අධිරාජ්‍යවාදී මුල්‍යායතනවල සරණ යාම හැර අන්මගක් තෝරා නොගන්නා බවය. එසේ නම් 2016 වසරේ ආර්ථිකයේ සිට 2017 අයවැය පිළිබද ආණඩුව සිදු කළ වෙනස්කම් සම්බන්ධ විමසුමකට යාමට අපට හැකිය.
නොවැම්බර් 10වැනිදා මුදල් ඇමතිවරයා විසින් 2017 වසරේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ආණ්ඩුවට සම්බන්ධ අය මෙවර අයවැය සංවර්ධන උපායමාර්ගික අයවැයක් ලෙස හඳුන්වන අතර විපක්ෂයේ අය ඉදිරිපත් කරන්නේ ‘මේකේ මොකුත් නෑ, මේක හිස් කොලයක්‘ වැනි විවේචනය. එහෙත් මෙවර අයවැය ලංකාවේ ආර්ථිකය ගෝලීය ප‍්‍රාග්ධන අවශ්‍යතාවයන්ගේ පැත්තට තීරණාත්මකව හැරවීම වෙනුවෙන් වන අයවැයකි. එය ලංකාව තුළ නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ වේගවත් කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කර තිබේ. නව ලිබරල් ධනවාදය 1978 සිටම ක‍්‍රියාත්මක වන නිසා මෙහි ඇති අමුත්ත කුමක්දැයි යමෙකු ප‍්‍රශ්න කිරීමට ඉඩ තිබේ. මෙවර සිදු කරන්නේ මෙතෙක් පැමිණි ගමන් මගේ වේගවත් සහ තියුණු හැරවීමක් සිදු කිරීමයි. මෙවර යෝජනා කර තිබෙන ප‍්‍රතිසංස්කරණ සරල, මතුපිට ඒවා නොව ආර්ථිකයේ කල් පවත්නා ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණයන්ය. ඒ සඳහා ක්ෂේත‍්‍ර ගණනාවක කරුණු දැක්විය හැකි වුවත් අපි කිහිපයක් විමසා බලමු.
යන පාරේ මග වරුණ
මෙවර අයවැයේ ප‍්‍රධාන උපායමාර්ගයක් වී තිබෙන්නේ ආර්ථිකයේ රාජ්‍ය කොටස අඩු කිරීමය. එනම් රජය ආර්ථිකයට මැදිහත් නොවී, සියල්ල පුද්ගලීකරණය කර, ප‍්‍රාග්ධන හිමියන්ගේ ලාභය වෙනුවෙන් ආරක්ෂාව දීම පමණක් භාර ගන්නා ක‍්‍රමයකි. රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක් විකුණා දැමීමට නියමිත බව යෝජනාවලින් හොඳින් පෙනේ. රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිව්‍යුහගතකරණයෙන් මුදල් සොයන බව එක යෝජනාවක සඳහන්ය. කෙරෙන්නේ ‘ප‍්‍රතිව්‍යුහගතකරණයක්‘ නම් මුදල් සොයන්නේ කෙසේද? මේ කෙරෙන්නේ විකිණීමක් බව පැහැදිලිය. මෙසේ විකුණා දමන ප‍්‍රධාන රාජ්‍ය ව්‍යාපාර අතර ‘ශ‍්‍රී ලංකන් එයාර්’ ගුවන් සේවයද සඳහන් කොට ඇත. එමෙන්ම රාජ්‍ය සේවයට අලූතින් සේවකයන් බඳවා නොගෙන රාජ්‍ය සේවය හකුළුවන බව පෙනේ. අලූතින් සේවකයන් රාජ්‍ය සේවයට බඳවා නොගෙන විශ‍්‍රාමිකයන් සුළු දීමනාවක් මත සේවයට ගැනීමේ උත්සාහයක් ගැන මුදල් ඇමතිවරයා සිය කතාවේදී පැවසීය. එමෙන්ම උපාධිධාරීන්ට රජයේ රැුකියා ලබා දීම වෙනුවට ඔවුන් සුළු ව්‍යාපාර සඳහා දිරි ගන්වන බව ආණ්ඩුව කියයි. මෙහි අරමුණ රාජ්‍ය සේවය තව තවත් හැකිළවීම බව පැහැදිලිය.
කම්කරු අයිතීන්
ලංකාවේ කර්මාන්ත හෝ කෘෂිකර්මය හෝ නිෂ්පාදනයට සම්බන්ධ සේවා වර්ධනය කිරීමට කිසිදු සැලැස්මක් ඉදිරිපත් කර නැති ආණ්ඩුව සමස්ත ආර්ථිකයම රඳවා තබා ඇත්තේ විදේශ ආයෝජන බලාපොරොත්තුව මතය. විදේශ ප‍්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීමට ආණ්ඩුවේ ප‍්‍රධාන උපායමාර්ගයක් වී ඇත්තේ කම්කරු අයිතීන් කප්පාදු කර ජාවාරම්කරුවන්ට නිදහසේ ශ‍්‍රම සූරාකෑම සඳහා ඉඩ විවර කිරීමය. ඒ අනුව දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය අංශයේ කම්කරුවන් භුක්ති විඳි විශ‍්‍රාම වැටුප් අයිතිය අහෝසි කිරීමට සැලසුම් කර තිබේ. මුදල් ඇමතිවරයා වැඩිවන වැඩිහිටි ජනගහනය හඳුන්වන්නේ ‘පිපිරීමට නියමිත් කාල බෝම්බයක්‘ ලෙසිනි. මේ කාල බෝම්බය නිෂ්ක‍්‍රිය කළ හැක්කේ වැඩිහිටි ජනගහනය අඩු කිරීමෙනි. ඒ සඳහා මෙවර අයවැය යෝජනා කර ඇත්තේ විශ‍්‍රාම වැටුප අහෝසි කර විශ‍්‍රාම වැටුප සඳහා වැටුපෙන් මුදල් කපා ගන්නා ක‍්‍රමයක් ආරම්භ කිරීමයි. එපමණක් නොව කාලයක් තිස්සේ වැඩකරන ජනතාවගේ විරෝධතා නිසා හකුළාගෙන සිටි පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. අරමුදල් එකතු කර කොල්ල කෑමේ යෝජනාව මෙවර නැවතත් අයවැයට ඇතුළු කර ඇත. මෙවර අයවැය ආයෝජකයන් සැනසීම සඳහා පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැඩ දිනය පැය 9 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කර පැය 8ක වැඩ දිනයක් සඳහා දිනාගත් ඓතිහාසික ජයග‍්‍රහණය යළි උදුරාගෙන ඇත. මෙවර කම්කරු නීති දුර්වල කිරීමේ යෝජනාව කරලියට පැමිණ ඇත්තේ මීට පෙර අවස්ථා වලදී මෙන්ම ‘යල්පැන ගිය නීති යාවත්කල් කිරීම‘ යන ආවරණය යටතේය.
මෙවර අයවැය සේවා සුරක්ෂිතතාව විනාශ කිරීමේ පියවර ගණනාවක් යෝජනා කර තිබේ.
‘නූතන සේවා කර්මාන්ත ක්ෂේත‍්‍රයේ අපට ඇති වාසිදායක තර`ගකාරී තත්වය තුළ බාහිර පාර්ශවයන් වෙතින් ව්‍යාපාර ක‍්‍රියාකාරකම් කරගැනීමේ ව්‍යාපාර :ඊඡුධ*ල සහ බාහිර පාර්ශවයන් වෙතින් දැනුම ලබා ගන්නා වූ ව්‍යාපාර :ණඡුධ* හා නීති ක‍්‍රියාවලිය බාහිර පාර්ශවයන්ගෙන් ඉටු කරගන්නා වූ ව්‍යාපාර :ඛඡුධ* ස`දහා අප රට තුළ ඉතා සුදුසු වාතාවරණයක් තිබෙනවා. කෙසේ වුවත්, මෙම අංශ සදහා නම්‍යශීලි සේවා පැය ගණන්, රාත‍්‍රී කාලයේ සේවය කිරීම, අර්ධකාලීන සේවා සහ නිවසේ සිට සේවය කිරීමට ඇති හැකියාව ද අවශ්‍ය වෙනවා. ‘
නම්‍යශීලි සේවා පැය ගණන්, රාත‍්‍රී කාලයේ සේවය කිරීම, අර්ධකාලීන සේවා සහ නිවසේ සිට සේවය කිරීමට ඇති හැකියාව යන යෙදුම්වලින් අදහස් කෙරෙන්නේ කම්කරුවා පිළිබඳ ප‍්‍රාග්ධන හිමියාට ඇති අවම වගකීම පවා ඉවත් කර සතුන් මෙන් අවශ්‍ය පරිදි සූරාකෑම බව පැහැදිලි කිරීමට තවත් නිදසුන් අවශ්‍ය නැත.
ගොවි ප‍්‍රශ්නය විසඳීම
කෘෂිකර්මාන්තයට අදාළ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වී තිබෙන්නේ සුළු සහ මධ්‍යම පරිමාණ ගොවියා ගොවිතැනින් නෙරපා දමා බහු ජාතික සමාගම්වල වාණිජ බෝග වගාව සඳහා ඉඩම් වෙන් කිරීමයි. මේ බව වගාව සඳහා ප‍්‍රමුඛතාව ලබාදෙන බෝග වර්ග වලින්ම පෙනේ. මුදල් ඇමතිවරයා පවසන ආකාරයට ලංකාවේ ප‍්‍රධාන ආහාර බෝග වර්ග පහ වනුයේ අල, ලොකු ළුණු, මිරිස්, බඩ ඉරිඟු සහ සෝයාය. ඒ අතර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණ ගොවීන් බහුලව වගා කරන වී මේ ප‍්‍රධාන ආහාර වර්ග පහ අතර නැත. පලතුරු ලෙස ප‍්‍රමුඛතාව ලබා දී ඇති ලයිස්තුවේ අන්නාසි, රඹුටන්, ගල්සියඹලා, මොර, බෙල් පෙපර්, චෙරි තක්කාලි ආදී ලයිස්තුවේ ගස්ලබු, කෙසෙල් ආදී ලංකාවේ වැඩිපුරම භාවිතා වන පලතුරු නැත. මෙයින් පෙනී යන්නේ කෘෂිකර්මය මුළුමනින්ම අපනයන වාණිජ බෝග වගාව ඉලක්ක කරගත් එකක් වන අතර සුළු ගොවියා ගොවිතැනින් පලවා හරින බවය.
සෞඛ්‍ය රක්ෂණය
මෙවර අයවැයේ ප‍්‍රධානතම ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණයක් වන්නේ නිදහස් සෞඛ්‍ය සේවය අහෝසි කර සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමයක් පිහිටුවීමට ආරම්භක පියවර ගැනීමයි. නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවට මාසික වාරික වශයෙන් මුදල් ගෙවා සෞඛ්‍ය සේවා ලබා ගන්නා රක්ෂණ ක‍්‍රමයක් පිහිටුවන බව මේ ආණ්ඩුව සිය මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේද සඳහන් කළේය. දැන් ඒ සඳහා මුල් පියවර ගෙන තිබේ. එය සිදු කර ඇත්තේ ඇඟට නොදැනෙන්නට, හීන් සීරුවේය. බැලූබැල්මට පෙනෙන්නේ ජනතාවට ලැබෙන ප‍්‍රතිලාභයක් ලෙස වුවත් සැබවින් සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. පාසල් සිසුන්ට ප‍්‍රතිකාර සඳහා මුදල් ගෙවන රක්ෂණයක් ලබා දෙන බවද, අග‍්‍රහාර රක්ෂණය මාසික වාරිකය රුපියල් 600ක් කර ජීවිත කාලයටම දිගු කරන බවද, රථ වාහන අනතුරු වලින් තුවාල සිදුවුවන්ගේ ප‍්‍රතිකාර සඳහා රක්ෂණ සමාගමක් හරහා මුදල් ගෙවිය යුතු බවද මෙවර අයවැයේ සඳහන්ව ඇත. මෙසේ මුදල් ගෙවීමට නම් නිදහස් සෞඛ්‍ය සේවයක් නැති විය යුතු අතර සෞඛ්‍ය රක්ෂණයක් සඳහා රක්ෂණ සමාගම් වලට වාරික ගෙවිය යුතුය. මෙම වැඩපිළිවෙල ප‍්‍රවර්ධනය කිරීම සඳහා මුල් අදියරේදී වාරිකය ආණ්ඩුව ගෙවන මුත් අවසානයේදී සිදුවන්නේ සෞඛ්‍ය සේවයේ වගකීමෙන් රජය ඉවත්වී, එය මුළුමනින්ම වෙළඳ භාණ්ඩයක් වී, ජනතාව මත ඒ බරත් පැටවීම බව පැහැදිලිය.
සෞඛ්‍ය සේවය මෙසේ වෙළඳ භාණ්ඩයක් කරන අතරම දැනටඉතිරිව ඇති රාජ්‍ය කොටසද පුද්ගලීකරණය කිරීමට පිඹුරුපත් සකසා තිබේ. පෞද්ගලීකරණය ලංකාවේ විවිධ වකවානු වල සිදුවුයේ විවිධ ආකාරයෙනි. මුල් අවධියේදී එය පුද්ගලීකරණය ලෙස හැඳින්වුවද, පේ‍්‍රමදාස යුගයේ එය ජනතාකරණය නමින්ද, චන්ද්‍රිකා යුගයේදී එය රාජ්‍ය ව්‍යාපාර ප‍්‍රතිව්‍යුහගතකරණය නමින්ද හැඳින්විණි. දැන් අලූත් ආණ්ඩුව සොයාගෙන ඇති අලූත් නම ”පීපීපී” යන ඉංග‍්‍රීසි අකුරු තුනෙන් හැඳින්වෙන ‘රාජ්‍ය-පුද්ගලික හවුල්කාරීත්වයයි’ මෙවර අයවැය ඒ සඳහා පියවර තබා තිබේ. අපි නිදසුනක් ලෙස රජයේ රෝහල් තුල පුද්ගලික රසායනාගාර සහ පුද්ගලික රෝහල් වල ගෙවන වාට්ටු පිහිටුවීම අවධානයට යොමු කරමු. රජයේ රෝහල් තුල පුද්ගලික රෝහල් වල වාට්ටු ඇතිවිට අනිවාර්යයෙන්ම රෝහල් අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු රෝහල් පරිපාලනයට පුද්ගලික රෝහල් නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමට සිදුවේ. එවිට රෝහල් පරිපාලනය ‘රාජ්‍ය-පුද්ගලික හවුල්කාරී‘ හෙවත් පුද්ගලීකරණය වේ. මෙවර අයවැය එම ව්‍යාපෘතිය කෙලින්ම කාසල් වීදියේ කාන්තා රෝහලට යෝජනා කර ඇත. රෝහල සංවර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට පුද්ගලික අංශයේ සහය ගැනීම යනු කුමක්ද? එය දානපතියන්ගෙන් ආධාර ලබා ගැනීමක් නොව රෝහලට පුද්ගලික සමාගම් මැදිහත් කර ගැනීමක් බව සක් සුදක් සේ පැහැදිලිය. අයවැයේ බළලා මල්ලෙන් එළියට පනින්නේ රජයේ රෝහල් වලින් නේවාසික ප‍්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ප‍්‍රතිකාර සඳහා ගිය වියදම සහිත වියදම් විස්තරයක් ලබා දෙන බව කියන යෝජනාවේදීය. මේ සැරසෙන්නේ ප‍්‍රතිකාර වල වියදම රෝගියාගෙන් අය කර ගැනීමට බවත්, මුලින් බිල ලබාදී පසුව බිලට මුදල් අය කර ගැනීමේ සැඟවුණු අරමුණක් මෙහි ඇති බවත් වටහා ගැනීම දුෂ්කර නැත.
මේ ක්ෂේත‍්‍ර කිහිපයක් පමණි. තවත් උදාහරණ ඕනෑ තරම් ඉදිරිපත් කල හැක. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමටද මෙවැනිම තවත් ලිපියක් ලිවීමට තරම් කරුණු ඇත. කෙසේ වෙතත් ආණ්ඩුව සැරසෙන්නේ සමස්ත බර ජනතාව මත පටවන, ආර්ථිකයෙන් රාජ්‍ය මැදිහත්වීම ඉවත් කෙරෙන, සියල්ල පුද්ගලීකරණය කෙරෙන, සමාජ ආරක්ෂණ සේවාවන් වෙළඳ භාණ්ඩ බවට පත් කෙරෙන, අධිරාජ්‍යවාදී ප‍්‍රාග්ධනයට සහ මූල්‍ය ඒකාධිකාරයට ජනතාව බිලි දෙන විනාශකාරී ආර්ථික ප‍්‍රතිපත්තියක මූලික ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට බව පැහැදිලිය. එනිසා ජනප‍්‍රිය උදාහරණ සහ ප‍්‍රචාරකවාදී විවේචන වලින් ඔබ්බට ගොස් මේ ප‍්‍රතිපත්තිමය පදනමට එරෙහි ජනතා විරෝධයක් ගොඩ නැගිය යුතුය. නිසැකවම මෙම විනාශකාරී සහ කොල්ලකාරී අයවැය යෝජනා පරාජය කළ යුතුය. මෙය පාර්ලිමේන්තුව තුළ සම්මත වුවත් පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩ නගන පුළුල් ජනතා බලයක් හරහා ඒවා පරාජය කළ යුතුමය.
Related News