සරසවි ශිෂ්‍ය පුරප්පාඩු පියවනු – බදවාගැනීම් ඉහල දමනු! – ශිෂ්‍ය විරෝධතාවක්
Posted on 03.29.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම් ඉහළ දමන ලෙසත් සරසවිවල ශිෂ්‍ය පුරප්පාඩු සඳහා වහාම සිසුන් බඳවා ගන්නා ලෙසත් ඉල්ලීම් කරමින් ශිෂ්‍ය විරෝධතාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී ඊයේ(28) ආරම්භ විය.
මේ වනවිටත් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පුරප්පාඩු 1270ක් පවතින අතර 2015/2016 අධ්‍යයන වර්ෂය සඳහා එම පුරප්පාඩු පියවීමට බලධාරින් කටයුතු කර නැත. එසේම විශ්වවිද්‍යාල භික්ෂුන් සදහා අධ්‍යයන පීඨවලට බදවාගැනීම් කප්පාදු කරමින් සිටී. බාහිර විභාගවලට විශාල ගාස්තු ඉහල දැමීම් නිසා කප්පාදුවක් සිදුව ඇත. එසේ සිදුකරමින් අධයාපනය වෙළෙද භාණ්ඩය් කිරීමේ සයිටම් වැනි ආයතනවලට රජයෙන් ණය ලබාදෙමින්, අනුග්‍රාහකත්වය දක්වන බවට ශිෂ්‍ය ක්‍රියාකාරිහු විරෝධතා පළ කරති.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය සහ වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් කැදවන ලද මෙම විරෝධතාවට සරසවි සිසු සිසුවියෝ එක්ව සිටියහ.
Related News