1971 අප්‍රේල් අරගලයෙන් 46 වසරක් – සැමරුම් කිහිපයක්!
Posted on 03.31.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
1971 අප්‍රේල් 5 වැනිදා පුපුරා ගිය සන්නද්ධ අරගලයේ 46වැනි සමරුවට දේශපාලන පක්ෂ හා සංවිධාන කීපයක් සූදානම් වෙමින් සිටින බව ‘ලංකාවීව්ස්‘ වෙත වාර්තා විය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 46වැනි අප්‍රේල් විරු සමරුව පවත්වන්නේ ‘ශ්‍රේෂ්ඨ පරාජයක්-නොමියෙන අරමුණක්!‘ යන තේමාවෙනි. අවිස්සාවේල්ල, ගාල්ල හා කුරුණෑගල නගරවලදී සවස 3.00ට මෙසේ සමරු උත්සව පවත්වන බව එම පක්ෂය නිවේදනය කර ඇත. කොළඹ නගර කේන්ද්‍රිය සමරු උත්සව පැවැත්වීම වෙනුවට ජනසහභාගිත්වයෙන් විරු සමරු පැවැත්වීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් හදුන්වා දෙන ලද්දකි.
71 අප්‍රේල් අරගලයට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ ද මෙවර ගාල්ල, මොණරාගල හා මාතලේ යන ස්තානවලදී සමරු උත්සව පැවැත්වීමට කටයුතු කරන බව පවසයි. මේ දක්වා කොළඹ හෝ වෙනත් නගරයක එක් සමරු උත්සවයක් පවත්වනු වෙනුවට ‘සදා සමරමු සොහොයුරෝ‘ මොව යටතේ නගර තුනක සමරු උත්සව පැවැත්වෙන බව ජ.වි.පෙ. මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.
මේ අතර 71 සහෝදරත්ව සංසදය විසින්ද අප්‍රේල් විරු සමරුවක් කොළම මහජන පුස්තකාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. පෙරවරු 10.00ට මෙම සමරු වැඩසටහන පැවැත්වෙන්නේ “71 අපේ උරුමය සහ අද දවසේ ඔබේත් අපේත් වගකීම‘ යන තේමාවෙනි.
Related News