නව පනතක් මගින් විශ්‍රාම වැටුප් කොල්ලකෑමේ උත්සාහයක් – පෙ.ස.ප.
Posted on 03.30.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරමින් දායක විශ්‍රාම වැටුප් ක්‍රමය ස්ථාපිත කිරීමේ උත්සාහයක් තිබෙන බව විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
අද (29) කොළඹදී එම සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව සදහන් කළේ දායක විශ්‍රාම වැටුප් සදහා නව නව පනතක් සම්මත කරගැනීමෙන් හෙළිදරව් කරන්නේ මෙතෙක් මෙරට විශ්‍රමිකයන් විසින් දායක වෙමින් ඉතිරිකළ අරමුදල් කොල්ලකෑමේ අරමණෙ බවයි.
තවදුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව ප්‍රකාශ කළේ මීට පෙර පැවති රාජපක්ෂ ආන්ඩුවද විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ උත්සාහයක නිරත වූ බවයි. ඔහු ප්‍රකාශ කළේ මෙය වත්මන් රජයේ ගැටලුවක් පමණක් නොවන බවයි.
විශ්‍රාම වැටුප යනු රජයේ සේවකයන් විසින් වසර තිහක හෝ තිස් පහක කාලය තුළ උපයාගත් වැටුපෙන් කොටසක් බවත් ඒ අනුව එය සේවකයන්ගේ හිමිකමක් බවත් විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය පෙන්වා දෙයි. 2016 පටන් රාජ්‍ය සේවයට එක්වන පුද්ගලයන්ගේ සේවා ගිවිසුමට මෙම කරුණ ඇතුළත් කර ඇති බවත් ඒ අනුව ඉදිරියේදී විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් සම්මත කරන ඕනෑම පනතකට එකඟ විය යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි. මෙය එක් පසෙකින් නීතිමය ගැටලුවක් බවද එම සංවිධානය පවසයි.
Related News