හොරණ ටයර් කම්හල් හිමිකරු තව ගෙවන්න එකග වෙලා

හොරණ ටයර් කම්හල සදහා කුනුකොල්ලයට ඉඩම ලබාදුන් බවට වාර්තා පළ වීමෙන් පසුව එම කම්හල ව්‍යාපෘතිය සදහා ආයෝජන මණ්ඩලයේ නව ගෙවීම් යෝජනාවලට ආයෝජකයා එකග වී ඇත.

හොරණ වගවත්ත ප්‍රෙද්ශයේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස නන්දන ඉහළවිතාන විසින් ආරම්භ කිරීමට නියමිත මෙම ටයර් කම්හල සදහා ආණ්ඩුවට අයවිය යුතු මුදල් අඩුවෙන් සදහන් කිරීමෙන් විශාල වංචාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල විය. එහිදී එවැනි සහනදායක මුදලකට ඉඩම් හිමිකිරීම අතයට ගනුදෙනුවක් නිසා සිදුවූවක් බවට චෝදනා එල්ල විය.

ගිවිසුම්ගත ගනුදෙනුවෙන් ආයෝජන මණ්ඩලයට රුපියල් මිලියන 210ක් ගෙවිමට නියමිත විය. එහෙත් ආයජෙකයා එකගතාව පළ කලේ ගිවිසුම ප්‍රකාර මුදල් ගෙවීමටය. කෙසේවුවද නව එකගතා අනුව, තවත් රු. මිලියන 350ක් ගෙවන්නට ව්‍යාපාරිකයා එකගතාව පළ කර ඇත. එය මින් පෙර ආයජෙන මණ්ඩලය විසින් කළ යුතු වැය කිරීමක් වූ කම්හල් පරිශ්‍රය තුළ යටිතල පහුකම් සකස කිරීමට යොදවන්නට නියමිතය.

Leave a Reply