தமிழ்
English
Contact
Monday 30th April 2018    
සුරේන්ද්‍ර අජිත් සහෝදරයාගේ අභාවය! « Lanka Views | Views of the truth

සුරේන්ද්‍ර අජිත් සහෝදරයාගේ අභාවය!



ලංකාවේ සමාජවාදී ව්‍යාපාරයේ ප්‍රමුඛ ක්‍රියාධරයෙකු සහ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) ප්‍රධාන නායකයෙකු වන සුරේන්ද්‍ර අජිත් රූපසිංහ සහෝදරයා ඊයේ (03) අභාවප්‍රාප්ත විය.

ඔහුගේ දේහය හෙට(05) වැනිදා සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කරන අතර අවසන් කටයුතු සිදුකරන දිනය අප්‍රේල් 8වැනිදාය. (අවසන් කටයුතු අප්‍රේල් 05 වැනිදා සිදු කරන බවට කළ තීරණය පසුව වෙනස් කරන ලදී).

සමාජවාදී ක්‍රියාකාරිකයකු ලෙස ඔහුගේ කැපවීමට ආචාරය පුදකරන්නට ජයරත්න මල් ශාලාවට පැමිණෙන ලෙස අවමංගල්‍ය කමිටුව ඉල්ලා සිටී. අවසන් කටයුතු අප්‍රේල් 8 වැනිදා සවස 2.00ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.




Related News