අතුරුදන් වූවන් වෙනුවෙන් ඥාතින් සිදුකරන උපවාස ව්‍යාපාරය
Posted on 03.29.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ අතුරුදන් වූ තම පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් දැනට දින 25ක් තිස්සේ එම පවුල්වල සාමාජිකයන් නියැලෙන උපවාස ව්‍යාපාරයට අද(29) දිනයේ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සම්බන්ධ වී තිබේ.
යුද්ධයෙන් පසුව 2006 වසරේ සිට 2008 දක්වා ත්‍රිකුනාමල දිස්ත්‍රික්කයෙන් පමණක් පුද්ගලයන් 2000ක් පමණ අතුරුදන් වූ බව මේ උපවාසයට එක්ව සිටින අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් පවසා සිටී. මේ ආන්ඩුව පත්වීමෙන් පසුව ඔවුන්ගේ දරුවන් ජීවත්ව සිටිනවාද නැත්නම් මරණයට පත් කර ඇත්ද යන්නවත් නොදැන මේ මව්පියන් උපවාසය තුළින් ඉල්ලා සිටින්නේ යුක්තියයි.කෙසේවෙතත් මෙම විරෝධතාවලට ආන්ඩුවෙන් තවමත් නිසි ප්‍රතිචාරයක් හිමිව නැති බව ජනතාව ප්‍රකාශ කරති.

Save
Save
Related News