2015 වසරේ එස්මන්ඩ් වික‍්‍රමසිංහ මාධ්‍ය සම්මානය උදයන් පුවත්පතට

uthayan

2015 වසරේ එස්මන්ඩ් වික‍්‍රමසිංහ මාධ්‍ය සම්මානය යාපනයේ උදයන් පුවත්පතට පරිනමා ඇත. ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලවේ පැවැති එඩ්මන්ඩ් වික‍්‍රමසිංහ සමරු උළෙලට සහභාගීවූ අගමැති රනිල් වික‍්‍රමසිංහ අතින් එම සම්මානය උදයන් ප‍්‍රකාශන ආයතනයේ අධ්‍යක්ෂ පී. සරවනන්ට ඊයේ ප‍්‍රධානය කර ඇත.

මෙම අවස්ථාවට ආරධිතයින් ලෙස මැති ඇමැතිවරු හා මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන් විශාල පිරිසක්ද සහභාගී සිටියහ.

පසුගිය රාජපක්ෂ පාලන කාලය තුලදී යාපනය උදයන් පුවත්පත් ආයතනට ගිනි තබා විශාල හානියක් සිදු කර තිබුනි. නමුත් එම බාදක හමුවේ පසු නොබා තම පාඨකයන්ගේ අපේක්ෂා ඉටු කිරීමට උදයන් පුවත් පත දිගටම කටයුතු කරමින් සිටී.