කොළඹ වෙනස් කරනවා, පැල්පත් ඉවත්කරනවා – ඇමැති චම්පික රණවක

Patalee-champika-ranawaka

රාජපක්ෂ පාලනයේදී ආරම්භ කළ වානිජ අගනගරය නවීකරනය කිරීම ඉදිරියට ගෙන යමින් ඉදිරි අවුරුදු 4 තුළ කොළඹ නගරයේ විශාල වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

බේරේ වැව ප‍්‍රදේශය, අපේ ප්‍රධානතම වාණිජ මධ්‍යස්ථානයක් හැටියට නවීකරණය කර දේශීය හා විදේශීය ව්‍යවසායකයන්ගේ ආයෝජන සදහා ලබාදීමට බලාපොරොත්තු වන බවක් ඇමැතිවරයා කීය. දැනට දුම්රිය ස්ථානයේ සිට, ශාන්ත බස්තියම පාරේ, පුද්ගලික බස්නැවතුම දක්වා කොටස, චාර්මස් ධාන්‍යාගාර ප‍්‍රදේශය, පීපල්ස් පාර්ක් ප‍්‍රදේශය යා කරන ප‍්‍රධාන මධ්‍යස්ථානය සමග ජනතාවට සේවා සපයන ස්ථානයක් බවට පත් කරනවා.” යැයි ඒ චම් පැවසීය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති නිලධාරී හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“ඉදිරි අවුරුදු හතරේදී අපි විශාල වෙනසක් කොළඹ නගරයේ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ගොඩනැගෙමින් තිබෙන මූල්‍ය නගරයට යාබදව බේරේ වැව වටේ ප‍්‍රදේශය හා එහි ජල කදම්භය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා, පැල්පත්වාසීන් ඉවත් කර ඒ අයට වෙනම නිවාස ඉදිකොට, බස්නාහිර මහා නගරයේ ප‍්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථාන බවට පරිවර්ථනය කරනවා.

Leave a Reply