තුර්කියේ ගුරුවරුන් 11,000ක් ඉවතට.

%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%8a%e0%b6%9a%e0%b7%92-%e0%b6%9c%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b7%90-jpg%e0%b6%87%e0%b6%89

තුර්කි රජය විසින් එරට ගුරුවරුන් 11,000ක් දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි වාර්තාවේ. තුර්කි රජය පවසන්නේ මෙසේ ඉවත් කරන ලද ගුරුවන් කුර්දිස්ථාන් කම්කරු පක්ෂයට සම්බන්ධවීම හේතුවෙන් ඉවත් කිරීමට සිදුව ඇති බවයි. මේවන විට තුර්කිය කුර්දිස්ථාන් කම්කරු පක්ෂය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ.

මේ හේතුවෙන් එම පක්ෂය සමග සම්බන්ධතා පවත්වා ඇති බවට චෝදනා ලත් මෙම අතිවිශාල ගුරුවරුන් පිරිස තුර්කි රජයේ සේවයෙන් ඉවත් කිරීඹට තීරණය කර ඇතැයි එරට අගමැති බිනාලි යිල්ඩිරීම් ප්‍රකාශකර ඇත.

තව නොබෝ දිනකින් එරට පාසල් නිවාඩුව අවසන් කරමින් ළමයින් සිය පාසල්වෙත යෑමට එරට නියමිතව ඇත. මෙසේ තුර්කි රජයේ ගුරුවරුන් ඉවත් කිරීම හේතුවෙන් එරට අධාපන කටයුතු දැඩි අර්බූදයකට යනු ඇතැයි විදෙස් මාධය වාර්තා කරයි.

පසුගියදා අසාර්ථක හමුදා කුමන්ත්‍රණය හේතුවෙන්ද එරට රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් රජයේ තනතුරුවලින් ඉවත් කිරීමට තුර්කි පාලකයින් කටයුතු කර ඇත. වාර්තාවන අන්දමට ඒ අවස්ථාවේද එරට අධ්‍යාපන අංශයේ සේවය කළ රාජ්‍ය සේවකයින් 15,200ක් හා එරට පෞද්ගලික අංශයේ සේවයේ යෙදුනු ගුරුවරුන් 21,000ක පිරිසක් ඉවත් කිරීමට වත්මන් තුර්කි පාලකයින් පියවර ගෙන ඇත.