සිරියානු රජයට එරෙහිව සටන් කරනු ලබන ප‍්‍රධාන පෙළේ කැරළි කණ්ඩායමක් වන අල් නුෂ්රා කණ්ඩායමේ නායක අබු ඔමාර් සරකෙබ් ඊයේ ගුවන් ප‍්‍රහාරයකින් මියගොස් ඇති බව එම සංවිධානයේ ටිවිටර් නිවේදනයකින් ප‍්‍රකාශකර ඇත.
අල් නුෂ්රා කණ්ඩායමේ ප‍්‍රමුඛ පෙළේ නායකයින්ගේ රහසිගත හමුවකට එල්ලකරන ලද මෙකී ගුවන් ප‍්‍රහාරය හේතුවෙන් එම පෙරමුණේ ප‍්‍රධානීන් වැඩි ප‍්‍රමාණයක් මියයන්නට හෝ බරපතල ලෙස තුවාල ලබන්නට ඇති බව මේ පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිරියානු සිවිල් යුද්ධය තුල අල් නුස්රා පෙරමුණ ප‍්‍රධාන භූමිකාවක් ඉටුකළ අතර මෙම ඝාතනයන් එම පෙරමුණට බරපතල පරජයකත් අත්ව ඇති බව පෙනේ. මෑතකදී සසිරියානු හා රුසියානු හමුදා ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන දැඩි ගුවන් ප‍්‍රහාරයන් හේතුවෙන් සිරියාවේ සටන් කරමින් සිටින කැරළිකරුවන්ට බරපතල හානි පමුණුවා ඇතැයි වාර්තාවේ .
තුර්කිය හා ඇමෙරිකානු හමුදා විසින්ද අයි එස් කැරලි කරුවන් ඉලක්කර වෙනවෙනම ගුවන් ප‍්‍රහාරයන් එල්ලකරනු ලබයි.
කෙසේ වෙතත් මෙම ගුවන් ප‍්‍රහාරය කවුන් විසින් එල්ල කරනු ලැබුවේද යන්න පිලිබදව මෙතෙකේ හෙළි කිරිමට අල් නුෂ්රා කණ්ඩායමට හැකිව නැත.