ලසන්ත වික්‍රමතුංග සොහොනට පොලිස් මුර!

lasantha-wic.web

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ දේහය යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට මහේස්ත්‍රාත් අධිකරණය උපදෙස් දීමෙන් පසුව මිහිදන් කර ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවද වාර්තා වේ.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සළකා බලමින් සිරුර ගොඩ ගෙන පරික්ෂන පැවැත්වීමට අධිකරණ අවසරය ලබා දී ඇත. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයෙන් පසු දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධව කරුණු 21ක් සැක සහිත බවට අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලයක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක නිරීක්ෂන සටහන් විය. ඒ අනුව අදාළ මෘත දේහය බොරැල්ල කනත්තේ මිහිදන් කර ඇති ස්ථානයෙන් සැප්තැම්බර් මස 27වන දින පෙ.ව 8.00ට කොළඹ අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ගොඩගැනීමට නියමිත ය.