தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
වෛද්‍ය සිසුවා දිවි නසා ගෙන ඇත්තේ ආතතිය නිසා බව පොලිසිය කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෛද්‍ය සිසුවා දිවි නසා ගෙන ඇත්තේ ආතතිය නිසා බව පොලිසිය කියයි



කොළඹ වෛද්‍ය  ශිෂ්‍යයා දිවි නසා ගෙන  තිබෙන බවත් ඔහු පසුගිය කාලයේ දැඩි මානසික ආතතියකින් සිටි බව හෙළි වී තිබෙන බවත් කුරුඳුවත්ත පොලිසිය පවසයි. මිය ගොස් ඇත්තේ බිබිල, වලකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි පාරින්ද සෙනෙවිරත්න නමැති කොළඹ විශ්වවිද්‍යාලයේ හතර වැනි වසරේ සිසුවෙකි.

ඔහු නතර වී සිටි නොරිස් කැනැල් පාරේ වෛද්‍ය  ශිෂ්‍ය නේවාසිකාගාරයේ තුන්වැනි මහලේ 96 වැනි කාමරයේ තිබී ඔහුගේ මළ සිරුර හමු වී තිබේ. ඔහුගේ කාමරයෙන් දුගඳක් වහනය වීම නිසා අනෙක් සිසුන් දොර අසලට ගොස් ඔහුට කතා කර ඇතත් දොර හැර නැත. ඒ නිසා ඔවුන් දොර කඩා තිබේ. එවිට ඔහුගේ සිරුර හමු වී ඇති අතර එම සිසුන් විසින් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිසිය පවසන්නේ, සේලයින් බෝතල් දහයක් වහලයේ ගැට ගසා ඒවායේ බට ඊට පහළින් ඇති තවත් සේලයින් බෝතලයකට සම්බන්ධ කර ඒවා හරහා එන විෂ ඔහු සිරුරට එන්නත් කර ගෙන ඇති බවයි. විෂ රසායන අඩංගු කුප්පියක්ද කාමරයේ තිබී සොයා ගෙන තිබේ.

මානසික ආතතිය නිසා ඔහු කාලයකින් නිවසට ගොස් නැති බවත් නේවාසිකාගාර කාමරයේ තනිවම වාසය කර ඇති බවත් අනාවරණය වී තිබේ.