ගං වතුර ව්‍යසනය පහව යාමත් සමග බස්නාහිර පළාත තුළ වසංගත රෝග ගණනාවක් හිස එසවීමේ අවදානමක් උද්ගතව ඇත. ඩෙංගු, මී උණ, ඇස් රෝග, පාචනය සහ චර්ම රෝග වේගයෙන් පැතිර යන බව වාර්තා වේ. ඒ අතරින් වැඩිම වේගය වාර්තා කර ඇත්තේ ඩෙංගු රෝගයේ ව්‍යාප්තියයි.
වසරේ ගතවූ කාලසීමාව තුල පමණක් ඩෙංගු රෝගීන් දහඅටදහසක් දිවයිනෙන් වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අතරින් 50% කට අධික රෝගීන් පිරිසක් වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවද එම ඒකකය නිවේදනය කරයි. කොලඹ දිස්ත්‍රික්කයෙන් වසරේ මුල් මාස 6 තුල වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හයදහසක් වන අතර ජනවාරි මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 6674 ක් වාර්තාවී තිබේ. එය පෙර වසරවලට වඩා වැඩි වර්ධනයක් බවද වසංගත අවදානමක් ඇති බවද වාර්තා වේ. වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ’ පවත්නා වැසි සහිත කාලගුණය සමග රෝගයේ වර්ධනයක් සිදුවිය හැකි බැවින් ඒ පිලිබදව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවය.