අද (13) උදෑසන 9.15 සිට ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිටීමට හේතුව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි සම්ප්‍රේෂණ විදුලි පෝෂකයක් පුපුරායාම බව අනාවරණය වේ.
විදුලි බල මණ්ඩලයේ ආරංචිමාර්ග පවසන්නේ මීට ඉහත ද අවස්ථා කිහිපයකදී හදිසියේ මෙම විදුලි පෝෂක පිපිරීමට ලක් වූ බවයි.
මේ වනවිට එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කොට ඇති බව ද වාර්තා වේ. විදුලි බිඳ වැටීම පැයකට ආසන්න කාලයක් පැවතිනි.