ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම, පසුගිය රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමේ මූලික කොන්දේසියක් වුවද මේ වනවිට තවදුරටත් තර්ජනයට ලක් වෙමින් පවතින එම අයිතීන් වෙනුවෙන් හඩ නගන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, විද්වතුන් හා කලාකරුවන් ඒකාබද්ධව පැවැත්වූ මාධ්‍ය හමුවක් අද (13) ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛණ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී එම මාධ්‍ය හමුව හමුවේ මූලික අදහස් දැක්වීමක් කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත මෙසේ අදහස් දැක්වීය.

”මෙවැනි මාධ්‍ය හමුවක් අපි එකතුවෙලා කැඳවන්න තීරණය කළේ මේ මොහොතේ ලංකාවේ මතු වෙලා තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාද සම්බන්ධ ප‍්‍රශ්න පිළිබඳ ප‍්‍රතිචාර දක්වන්න. පසුගිය කාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් පළල් සමාජ අභිලාෂයන් සාකච්ඡාවට ආවා. නමුත් ඒ සියල්ල ජනවාරි 08 බල හුවමාරුවත් සමග ඉටු වනවා වෙනුවට නොසලකා හරිමින්, මග හරිමින් සිටිනවා. අපි ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන, ශිෂ්‍ය සංවිධාන, කලා කරුවන් වැනි විවිධ පිරිස් එක්ක මේ ගැන කතා කළා. එහි ප‍්‍රතිපලයක් ලෙස මේ මොහොතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ අවම සටන් පාඨ කිහිපයක් මුල් කරගෙන ක‍්‍රියාකාරීත්වයකට එන්න බොහෝ පිරිසක් එකඟ වුණා. ඒ අනුව අද අපි මේ ස්ථානයට එකතුවෙලා තියෙන්නේ.
සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කරනු, කුමාර් ගුණරත්නම්ගේ පුරවැසි අයිතිය පිළිගනු, සහ මර්දන නීති අහෝසි කරනු යන මූලික සටන් පාඨ වලට යටත්ව ඒකාබද්ධ ක‍්‍රියාමාර්ග ගැනීම පිළිබඳ දැණුවත් කරන්න. ඒ වෙනුවෙන් අපි ඒකාබද්ධ ප‍්‍රකාශයක් ඉදිරිපත් කරනවා.
මෙහි මූලික අරමුණ ගත්තොත් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ඇති වන සාකච්ඡා බොහෝමයක් අවසානයේ ඒවා ආරම්භ කරන ජනතා බලාපොරොත්තු ඉටු කරනු වෙනුවට විවිධ දේශපාලන ව්‍යාපෘති වල අතකොලූ බවට පත් වෙලා අවසන් වෙනවා. පසුගිය ජනාවාරි 08 ක‍්‍රියාලියට සම්බන්ධ වූ අයටත් මේ ප‍්‍රශ්නය තියෙනවා.
අපි විශ්වාස කරනවා මේ රටේ කම්කරුවන්ට, ශිෂ්‍යන්ට අදාලව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්න තියෙනවා. ඒ වගේම දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය, අද කියන්නේ දේශපාලන සිරකරුවන් නෑ කියලා. ඒ වගේම මර්දනයට මුහුණ දුන් අයට ලංකාවේ ජීවත් වීම පිළිබඳ ප‍්‍රශ්න ඇවිත් තියෙනවා. ඒ අතර කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්නය ප‍්‍රමුඛයි. ඒක ඔහුගේ ප‍්‍රශ්නයක් විතරක් නෙවෙයි. ඒ වගේම ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහොසි කරනවා කියපු අය අද වෙන විධි වලට එම නීති ගෙන එමින් ඉන්නවා.
මේ වන විට ආණ්ඩුවම කියමින් ඉන්නවා ආර්ථික අර්බුදය පිළිබඳ ඒ වෙනුවෙන් ආණ්ඩුව කරන්නේ ජනතාව මත බර පැටවීම එතැනදී අනිවාර්යයක් ලෙස ආණ්ඩුව මර්දනය ගෙන එනවා. මේ සියලූ කරුණු නිසා තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ පලල් එකතුවක් ගොඩ නැගෙමින් පවතින්නේ. අපි කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කවදාවත් ජනාතාවට රිදී බන්දේසියක තියලා දෙන්නේ නෑ. ඒක දිනා ගන්න තියන දෙයක්. ඒකට ජනතා ක‍්‍රියාකාරීත්වයක් ඇති කිරීමයි අපේ බලාපොරොත්තුව.“
එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය සිය අදහස් මෙසේ එකතු කළේය.

“අපි හිතනවා අපේ රට නැවත වතාවක් බරපතල සංධිස්ථානයකට ලගා වෙමින් තියෙනවා. අපි ඉතා පැහැදිළිව කිව්වා ඔය මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කිරීම නෙවෙයි මේකට උත්තරේ කියලා. වසර එක හමාරක් ගතවෙලා තියෙනවා. දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය එදා තැනම අද පල්වෙනවා. අඩුම තරමින් ඔවුන්ගේ නාමලේඛනය ඉදිරිපත් කරන ආණ්ඩුව සමත් වෙලා නෑ. මේක බොහෝ දෙනෙක් කතා කළා. නමුත් අද වෙනකම් කිසිම දෙයක් කරලා නෑ. මෛත‍්‍රීපාල මහත්තයා යකඩ වලින් අරවගෙන් මේවගෙන් උතුරේ ප‍්‍රශ්න විසඳන්න බෑ කිව්වට ඒ වෙනුවට නිවැරදි පිළිතුරක් දෙන්න අසමත්වෙලා. අඩුම තරමින් ඒ වෙනුවෙන් 13 සංශෝධනය පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කරනවා කියනවත් ආණ්ඩුවට කොන්දක් නෑ. කුමාර් ගුණරත්නම් සහොදරයාගේ පුරවැසිභාවය දේශපාලන හේතු මත අහිමි කරලා තියෙනවා. අපි අහනවා මේ අවුරුද්දේ දඩුවමින් පසු ඔහුට මොකක්ද වෙන්නේ කියලා. මේ ආණ්ඩුව මේ ප‍්‍රශ්න වලට මුහුණ දෙන්නේ නෑ. මර්දන අණ පනත් නැවත කරලියට ඇවිත් තියෙනවා. කම්කරු පන්තිය හා වෘත්තිය සමිති මර්දනය කරන්න අධිකරණය ක‍්‍රියාත්මක වෙලා. නිදහස් වෙළෙඳ කලාපයේ වෘත්තිය සමිති ක‍්‍රියාකාරීන්ට හාම්පුතුන් මැරයෝ දාලා හගනවා. මේ තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති එවුන්ට එකක් නැති එවුන්ට තවෙකක්. ඒ නිසා මේ රටේ ජනාතාවට කියනවා මේක බරපතල තත්වයක්. වසර 68 කට පස්සේ ශ‍්‍රී ලංකා, යූ ඇන්පී, ජේවිපී, පක්ෂ හවුල් ආණ්ඩු රට පාලනය කරලා තියෙනවා. මේ කිසි ආණ්ඩුවකින් මේවට පිළිතුරු හමු වෙලා නෑ. ඒ නිසා පැහැදිළි වාමාංශික විකල්පයක් අද අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපේක්ෂා කරන සියලූ බලවේග එක කඳවුරකට එකතුවෙලා සටන් වැදිය යුතු කාලය එළඹිලා තියෙනවා.“
සමාජවාදී පක්ෂයේ මහින්ද දේවගේ අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“එක පාලකයෙක් ජනතාව එලවා දැම්මා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වල දැමීම නිසා. මූලික පොරොන්දුව වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නිදහස ලබා දෙනවා කියලා. යටි තලයේ ඉතා ගැඹුරෙන් මේ රටේ දුක් විඳින උතුරේ දකුණේ ජනයාගේ අයිතීන් වලලමින් ඉන්නවා. ජාතික සංහිඳියාව වෙනුවෙන් කතා කරත් අඩුම තරමේ උතුරේ හිර ගෙවල් වල ඉන්න අයගැන වත් කිසි දෙයක් කරලා නෑ. දකුණේ වැඩ කරන ජනයා වගේම ශිෂ්‍යයාගේ අයිතීන් කප්පාදු කරමින් ඉන්නවා. තවමත් ශිෂ්‍යයෝ පිටුපස්සේ ආණ්ඩුවේ ඔත්තුකාරයෝ යනවා. අත්අඩංගුවට ගන්නවා. පහරදෙනවා. මේ නිසා කව්රු බලයට ආවත් මේ නව ලිබරල් ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්න නම් මේ මර්දනය ඔවුන් ගේනවාමයි. කුමාර් ගුණරත්නම් සහෝදරයාට අද දීල තියෙන්නේ හිරගෙදර, ඒක හුදු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රශ්නයක් නෙවෙයි. ඔහු ලංකාවේ පන්ති ව්‍යාපාරය වෙනුවෙන් කටුයුතු කරන්න පැමිණියේ. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ඇවිත් අද විශාල වංචා සිදු කරලා තියෙනවා කියලා ආණ්ඩුවේ අයම කියනවා. ඒ අයට පුරවැසි කම දීල තියෙනවා. ඒ නිසා පෙළගැහෙමින් එන ආණ්ඩු විරෝධය ජාතිවාදී ලෙස පෙළ ගස්වන්න රාජපක්ෂලාට ඉඩ නෑ. ඒ නිසා ඒ වෙනුවෙන් වාමාංශික බලයක් අවශ්‍යයි ඒ වෙනුවෙන් පෙළගැසිය යුතුයි.“
ස්වාධීන ලංකා ගුරු සංගමයේ සරත් කහගල්ල ජනමාධය හමුවේදී මෙසේ පැවසීය.

“අපි මේ එකතුව එක්ක එකතු වෙලා තියෙන්නේ ෙඓතිහාසික වගකීමක් පෙරදැරි කරගෙන. මේ වන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වල් වදිමින් තියෙනවා. එහෙමනම් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීමේ අරගලයේ මේ සියලූ දෙනා සමග අපි ඉන්නවා. අපි දන්නවා මේ රටේ අධ්‍යාපනයට මොකක්ද වෙලා තියෙන්නේ. කුමාර් සහෝදරයාගේ ප‍්‍රශ්නය ගැන අද හැමෝම කතා කරනවා. මේවා දිහා ආණ්ඩුව ඇස් කන් වහගෙන ඉන්නේ. ඒ නිසා දෙලක්ෂ තිස්දහසක් මේ රටේ ගුරුවරුන් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මේ අරගලයට අපි එකතුවෙනවා.“
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ලහිරු වීරසේකර අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

“අද ශිෂ්‍ය ව්‍යාපාරය විධියට අපි මේ මාධ්‍ය හමුවට එක්වෙන්නේ සුවිශේෂී මොහොතක. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මේ ප‍්‍රශ්නයට මුහුණදෙමින් ඉන්නේ. ඒ නිසා අපි මේ ඒකාබද්ධ ක‍්‍රියාමාර්ගයත් සමග ඉදිරියේදී සම්බන්ධ වෙනවා කියන පණිවිඩය අපි අද කියනවා. පහුගිය ආණ්ඩු දෙකම යටතේ අපි මුහුණ දුන් ප‍්‍රශ්න වලට සමානවම මේ රටේ ජනතාව මුහුණදුන් ප‍්‍රශ්න විසඳනවා කියලා තමයි මේ අය බලයට ආවේ. මෛත‍්‍රීපාල සිරිසේන මහතා එදා මැතිවරණයට එන පළමු මාධ්‍ය හමුවේදී ඔහුට සිදු වූ අසාධාරණය ගැන කිව්වා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කිව්වා, රාජිත සේනාරත්න කිව්වා. නමුත් අපි අහනවා. ධීවර ඇන්ටනීට, රොෂේන් චානක සහෝදරයාට ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අද ලැබිලා තියෙනවාද. නීතිය ඇති අයට එක විධියකටත් නැති අයට තව විධියටකටත් ක‍්‍රියාත්මක වෙන්නේ. මීතොටමුල්ලේ මිනිස්සු, බඳගිරියේ ගොවියෝ ඒක අත්වින්දා. ඒ වගේම මේ රටේ පුරවැසියෙක් ලෙස ජීවත් වීමේ අයිතිය අහෝසි කරලා තියෙන්නේ කුමාර් ගුණරත්නම්ට විතරක් නෙවෙයි. ඔහුගේ ප‍්‍රශ්නයක් විතරක් නෙවෙයි තවදුරටත්. අදත් ශිෂ්‍යයෝ දේශපාලනය කරන්නේ ඇයි කියලා දෙමාපියන්ගෙන් ප‍්‍රශ්න කරනවා. ඒ නිසා අපි කියනවා මේ රටේ පාලකයන්ට කුමන තත්ත්වයක් ඇතුලේ වත් අපි සටන් කරනවා ඒ වගේම අපි මේ රටේ ජනතාවට කියනවා මේ කියන මූලික සටන් පාඨ වෙනුවෙන් පෙළගැහෙන්න කියලා. දේශාපාලන සිරකරුවන් නිදහස් කිරීම, කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ පුරවැසි අයිතිය දිනාගැනීම., මර්දන නීති වලට එරෙහිව සියලූ දෙනා එකතුවෙලා සටන් කරන්න එක්වෙමු කියලා.“
නාට්‍යෙවේදී කිංස්ලි ලෝස් මෙම ජනමාධ්‍ය හමුවේදී සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“අවුරුදු 60කට වැඩියමේ රටේ ජීවත්වෙලා තියෙනවා. මම මේ රටේ මානව පේ‍්‍රමය දරුණු ලෙස වලපල්ලට වැටිලා තියෙන හැටි. මිනිස්සුන්ට ආදරේ කරන මිනිස්සු විධියට අපි මෙතනට එකතු වෙලා තියෙන්නේ. මමත් කලාව නියෝජනය කරන ප‍්‍රියා රණසිංහ මහත්මියත් මෙතනට ඇවිත් තියෙන්නේ ඒ මානව පේ‍්‍රමය වෙනුවෙන්. මගේ අලූත් නාට්‍යයේ කියනවා වගේ හැඟීම්බර මෝඩයන්ගෙන් රටට වැඩක් නෑ. කෙවිටක් ගෙන දක්වන ජනතාවගෙන් රටට වැඩක් නෑ. ඒ නිසා ජනතාව වෙනස් කළ යුතුයි. ජනතාව මාරු කළ යුතුයි. බර්ට්‍රෝ බ්‍රෙස්ට් කිව්වා වගේ.
ඒ නිසා මෙතන හොඳ ආරම්භයක් තියෙනවා කියලා මම හිතනවා. අඩුම තරමින් ස්වකීය ඡුන්ද බලයේ වටිනාකම දන්නේ නැති. මේ සිදු වෙන දේ හරියට දැක දැකත් මේ ගැන වගක් නැතිව ඉන්න අය දැණුවත් කරන්න හොඳ වේදිකාවක් මෙතන සෑදෙන නිසා අපි මෙතනට එකතු වෙලා තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් අපි ඉදිරියට වැඩ කරනවා.“
ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරයේ චන්දන සිරිමල්වත්ත මෙසේ පැවසීය.

“රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න ක‍්‍රියාකාරීවූ මාධ්‍ය සංවිධාන හා ක‍්‍රියාකාරීන් ඉදිරිපත් කළ අදහස් සමාලෝචනය කරමින් තමයි අද අපි මේ තැනට එකතු වෙන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංගනය කරමින් ඒ පොරොන්දු ඉටු නොවන තත්වය තුළ අපි එකතු විය යුතුයි කියන පණිවිඩයයි අද අපි ගේන්නේ. මාධ්‍යවේදීන්ට තමයි එදා රාජපක්ෂ පාලනයේදී මුල් අවස්ථාවේදී මර්දනයට මුහුණ දුන්නේ. වත්මන් ආණ්ඩුවත් කම්කරු නීති සංශෝධනය කරමින් මර්දන නීති ගෙන එමින් ගෙන එන මේ වැඩපිළිවෙලට විරුද්ධව අපි පෙළගැසිය යුතුයි. ජනතාව සමග පසුගිය කාලයේ මර්දනය විරුද්ධව කටයුතු කළ ක‍්‍රියාකාරී වූ සියලූ දෙනාට මේ එකතුවත් එක්ක එකතුවෙන්න කියලා අපි කියනවා. පසුගිය කාලයේ සිදු වූ සියලූ මර්දන ක‍්‍රියාමාර්ග, වංචා දූෂණ ගැන යුක්තිය ඉටු කිරීම. දැනට දේශපාලන සිරකරුවන් නෑ කියන ආණ්ඩුවට එරෙහිව කුමාර් ගුණත්නම් සහොදරයාගේ පුරවැසි අයිතිය වෙනුවෙන් ඒ වගේම මර්දන නීති ගෙන ඒමට විරුද්ධව සියලූ දෙනා එකතු විය යුතුයි කියලා අපි යෝජනා කරනවා.“
ප්‍රැක්සිස් සාමුහිකයේ විදර්ශන කන්නන්ගර මෙසේ අදහස් දැක්වීය.

“ප‍්‍රැක්සිස් සාමුහිකය විධියටත්, කලාකාමී කටයුතු වල යෙදෙන්නන් විධියට අපි මීට එකතුවෙන්නේ. යම් විධියක ඉදිරි සමාජ අරමුණක් වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමේ අරගලයක් අද තියෙනවා. උතුරේ දෙමල ජනතාව මත පදනම්ව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම ඉන් එකක්. කුමාර් ගුණත්නම් සහොදරයාගේ ප‍්‍රශ්නයත් මර්දන නීති පිළිබඳ ප‍්‍රශ්නයත් ඒ වගේමයි. නමුත් මේවා අපි කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අරගලය කිරීමේ අයිතියට විරුද්ධවීමට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කරන අරගලයක්. ඒ නිසා අපි කියනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පසුගියකාලයේ කතා කරපු සිවිල් සංවිධාන බුද්ධිමතුන් විතරක් නෙවෙයි. ඒ වෙනුවෙන් මැදිහත් වෙච්ච ජනතාව අද බරපතල ප‍්‍රශ්නයක ඉන්නේ.
ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන වචනය අන්තම විධියට කිච වෙච්ච කාලයක් තමයි මේක. ඒ තුළ වෙච්ච බරපතලම විනාශය තමයි ජනතාව තුළ සමාජ වෙනසක් පිළිබඳ වූ බලාපොරොත්තු සුන් වීම. මේක අන් කවරදාකටත් වඩා තියුණුයි. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවදය වෙනුවෙන් කතා කළ සියලූ දෙනාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සැබෑ අරගලය මෙතනැදී ආරම්භ වෙලා තියෙනවා. සියලූ දෙනා ඊට එකතුවෙන්න කියලා.“
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය නියෝජනය කරමින් අදහස් දැක්වූ දිනුක සපුතන්ත‍්‍රී මෙසේ ප්‍රකාශ කළේය.

“ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වෙනුවනේ අපි එකතුවෙන්නේ. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේදී අපි අමතක කරන දෙයක් තමයි මේ සමාජය පන්ති සහිත සමාජයක් කියන එක. ඒනිසා මේ සමාජයේදී ලැබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ පහල පන්තීන්ට එක නීතියකුත් ඉහළ පන්තීන්ට අයට තව විධියකට. අපි මේ කතා කරන සියලූ ප‍්‍රශ්න ඒ විධිය දේවල්. අපි කියන්නේ පාලකයෝ කියලා ජාතියක් ලංකාවේ නෑ. ඒ අය කරන්නේ ප‍්‍රාග්ධනයත් එක්ක ඞීල් දාන එක. ඇයි මෙහෙම වුණේ. දශක කිහිපයක සිට බැලූවොත් 1993 තමයි මේ ප‍්‍රජාතන්ත‍්‍රවදය පිළිබඳ සිවිල් සංවිධාන එකතු වුනේ. ඒ 88 – 89 දී සිදු වූ මර්දනයට විරුද්ධව ඉන් පසු පසුගිය කාලේයි එහෙම සාකච්ඡුාවක් මතුවුනේ. ඒවා අසාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය පාලනය වෙනසක් කිරීමේ අරමුණක් සහිතව නව එකතුවක් ගොඩනැගීමේ අවශ්‍යතාවක් අපි දකිනවා ඒ වෙනුවෙනුයි අපි එකතුවෙන්නේ.“
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ ධම්මික මුණසිංහ සිය අදහස් මෙසේ එකතු කළේය.

“සෑහෙන කාලයකට පස්සේ තමයි රැකියා විරහිත තරුණයෝ මේ වගේ ඒකාබද්ධ අරගලයකට එකතුවෙලා තියෙන්නේ. මේ මොහොතේ තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් කරන අරලයත් එක්ක පුළුල් එකතුවක් සමග ඒකාබද්ධ වෙන්න බල කරලා තියෙනවා. ඒ නිසයි අපි මෙතනට එකතු වෙන්නේ. රැකියා විරහිත තරුණයන්ට අද මේ අරගලයට එකතුවෙන්න වෙලා තියෙනවා. අපිට හෙට දවසේ රැුකියා කරන්න ගියාට පස්සේ ජීවත් වෙන්න තියෙන අයිතිය අහෝසි කරනවා නම් ඒ රැකියා වලින් අපිට වැඩක් නැති වෙනවා. ඒ නිසා මේ කියන සටන් පාඨ වෙනුවෙන් සියලූ දෙනාම එකතු විය යුතුයි. රැකියා විරහිතයන් විතරක් නෙවෙයි රැුකියා ලාභීන්ටත් අපි කියනවා මේ අරගලයට එකතුවෙන්න කියලා.“
විශ්ව විද්‍යාල ආචාර්ය නිර්මාල් රංජිත් මෙම ජනමාධ්‍ය හමුවේදී මෙසේ සිය අදහස් දැක්වීය.

“මෑත දේශපාලන ඉතිහාසයේ අපි ගත් ක‍්‍රියාමාර්ග ගැන කුමන මතභේද තිබුනත් අපි හැමෝටම මෙවැනි ක‍්‍රියාමාර්ගකට එන්න වෙලා තියෙනවා. ජනවාරි 08 තත්ත්වයට වඩා යහපාලනය පිළිබඳ ප‍්‍රශ්න ඉතාම තියුණු විධියට අපි ඉදිරිපිටට ඇවිත් තියෙනවා. මේ අය හා මහින්ද ආණ්ඩුව අතර වෙනසක් තියෙනවා. 2005 බලයට පත් වූ රාජපක්ෂ පාලනය බලයට ආවේ ජාතිකවාදී සටන්පාඨ උඩ. නමුත් 2015 බලයට ආ ආණ්ඩුවට තියෙන්නේ එහෙම සටන්පාඨ නෙවෙයි. ඒ අයට තියෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපත් ආණ්ඩුකරණය, ජනවර්ග අතර සංහිඳියාව. ඒ නිසා මේ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුලධර්ම උල්ලංඝනය කිරීම රාජපක්ෂ පාලනය තුළ සිදු වූ දේවල්වලට වඩා බරපතලයි. ඒ වගේම රාජපක්ෂ කාලේ තිබුණා. මෙවැනි ව්‍යාපාර මතුවෙනකොට මේවා රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ කියන්න හැකියාවක් තිබුණා. ප‍්‍රගීත් පැහැරගනීම වගේ දේවල් පසු පස තිබුණේ එහෙම දෙයක්. නමුත් මේ ආණ්ඩුවට කිසිම සදාචාරාත්මත පදනමක් නෑ යහපාලනය පිළිබඳ විරෝධයන් සමාජයෙන් එනකොට කලින් විධියට හැසිරෙන්න. ඒ නිසා හැකි සෑම තැනකදීම මේ ප‍්‍රශ්නය මතු කළ යුතුයි. ඉදිරියේදී අපි යහපත් සමාජයක් පිළිබඳ සිතනවා නම් මෙය කළ යුතුයි.“


