ඉකුත් 2වැනිදා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට බාරවුණු අවස්තාවේදී ඇප පිට නිදහස්වූ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හට ලබාදුන් ඇප මහාධිකරණය විසින් අවලංගු කර තිබේ.
ඔහුව ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න විසින් රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හරින ලදී. එම ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මහාධිකරණයට ගොනු කල පෙත්සමක් සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක එම ඇප නියෝගය අවලංගු කර තිලින ගමගේ අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය.
කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හට එල්ලවී තිබෙන චෝදනාව වන්නේ බලපත්‍ර නොමැතිව අලිපැටවෙකු ලඟ තබා ගැනීමයි. කෙසේ වෙතත් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය ආවලංගු කළ මහාධිකරණය එම නඩුවට අදාළ මුල් ලිපිගොනුව මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර තිබේ. තිලින ගමගේට ඇප ලබා දීම සම්බන්ධයෙන් විශාල ජනතා විරෝධයක් නිර්මාණය විය.