තැපැල් සේවකයන්ට සීනිබෝල විසදුමක් – අරගලය නොනවතී

2016.06.14 postal workers action.jpg

ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් පසුගිය 14වැනිදා තැපැල් සේවකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරීමේ අරමුණින් ප්‍රසාද දීමනාව ලබාදෙන බවට ප්‍රකාශයක් තැපැල් සේවා නියෝජ්‍ය ඇමති දුලිප් විජේසේකර ජනමාධ්‍ය වෙත ලබාදී ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා මගින් හා ලිපි මාර්ගයෙන් සිදුකළ ඉල්ලීම් නොසලකා හැරීම නිසා අතිකාල සේවාවලින් ඉවත් වීමේ ක්‍රියාමාර්ගයකට පසුගිය දා ඒකාබද්ධ තැපැල් සේවා පෙරමුන සමග සම්බන්ධ වෘත්තිය සමිති අවතීර්ණ වීමත් සමග මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ ප්‍රධාන තැපැල් කාර්යාලවල තැපැල් මලු ගොඩගැසී ඇත. එහෙත් සේවක බදවාගැනීම් ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම ඇතුළු තැපැල් සේවක ඉල්ලීම් 14ක් සම්බන්ධ පාලකයන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. සිය මූලික ඉල්ලීම් සලකා බලනවා වෙනුවට ප්‍රසාද දීමනා පමණක් ලබාදීම සීනි බෝල දීමක් වැනි බව තැපැල් සේවකයෝ පවසති.

තැපැල් සේවකයන්ට අතිකාල රාජකාරී ඉටුකිරීමේ දී ලබාදෙන ප්‍රසාද ගෙවීම් යළි ලබාදෙන බව කියන තැපැල් අමාත්‍යංශය සිය අනෙකුත් ඉල්ලීම් ගැන කිසිදු විමසීමක් හො ප්‍රතිචාරයක් දක්වා නැති බව සේවක වෘත්තිය සමිතිවලින් කළ විමසීමකදී ‘ලංකාවීව්ස්‘ වෙත දැනගන්නට ලැබිණි.

ඒ අනුව, අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් පැවැත්වෙයි.

Leave a Reply