සියලු දෙනාටම වාහනයක් මිලදී ගත හැකි ආර්ථිකයක් ගොඩනඟන බවත් නුදුරු දිනෙකම සෑම දෙනාටම වාහනයක් හිමි වන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. මෝටර් රථ ආනයනකරුවන් සමඟ 11වැනිදා පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේය. කොතරම් කාලයකින් එසේ වාහනයක් ගැනීමට හැකිදැයි මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කළ විට ඇමතිවරයා “ගිනි ගොඩවල් තමයි තියෙන්නේ ඒ ගිනි ගොඩවල් ටික නිවුණාම ඉක්මනට ගන්න පුළුවන් වෙයි” යැයි පැවසුවේය.


