හම්බන්තොටත් නොරොච්චෝලේ වගේම වෙයිද?

norochcoleweb

හම්බන්තොට ඉදිකිරීමට සැලසුම් කර තිබෙන මෙගාවොට් 500ක ධාරිතාවකින් යුතු විදුලි බලාගාරය ඉදිකිරීමද  නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකළ චීන සමාගමටම පැවරීමට තීරණය කර ඇතැයි අනාවරණය වේ.

ආයෝජන කලාපයක් සඳහා හම්බන්තොට ප්‍රදේශයෙන් හෙක්ටයාර් 1000ක පමණ භූමි ප්‍රදේශයක් ලබාදීමට රජය සැලසුම් කර ඇති අතර මෙම නව විදුලි බලාගාරය එම භූමි ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත බව එම ආරංචි මාර්ග පවසයි.