කොස්ගම ආපදා සහන ලෙවා අවසන් වනතුරු ඇමැතිවරුන්ට සුඛෝපභෝගී වාහන සදහා අරමුදල් නිදහස් කිරීම වහාම අත්හිටුවන ලෙස අගමැති රනිල් උපදෙස් දුන් බව ප්‍රචාරය කළත් එම ප්‍රතිපාදන නිදහස් කළේ අප්‍රේල් මාසයේ බව හෙලිව තිබේ.
පසුගිය අගහරුවාදා (14) ගයන්ත කරුනාතිලක ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවට අනුව රුපියල් බිලියන 1.18ක වැය ශීර්ෂයක් ඇමැති වාහන වෙනුවෙන් අනුමත කිරීමට නියමිතව ඇත. එහෙත් පාර්ලිමේන්තුව සම්මත කළ 2016 අයවැය ඇස්තමේන්තුවල සදහන් සීමාවන්ට යටත් බැවින් මෙම වැයශීර්ෂ ඇත්ත වශයෙන්ම දැනටමත් නිදහස් කර හමාර බව භාණ්ඩාගාර ආරංචි හෙලිදරව් කරයි.
ඒ අනුව, සුඛෝපභෝගී වාහන සදහා ගෙන්වීමට මෙම ප්‍රතිපාදන පසුගිය අප්‍රේල් මාසයේ නිදහස් කර ඇත. රජයේ මුදල් පාලන රෙගුලාසි අනුව එවැනි වියදමක් දෙමසක් ඇතුළත පාර්ලිමේන්තුවෙන් අනුමත කළ යුතුය. ගයන්ත ඇමැතිවරයා විසින් අදාළ වැයශීර්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එම අවශ්‍යතාවය සැපිරීමටය.