පසුගිය ජනවාරියේ සිට ජූනි දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,731ක් අතුරින් 31 දෙනෙකු මියගිය බව සෙඛය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකයේ වාර්තා දක්වයි.
මෙසේ ඩෙංගු රෝගීන් බහුතරයක් එනම් 4761ක්ම වාර්තාවන්නේ බස්නාහිර පලාත තුළ බව ද එම වාර්තා පෙන්වා දෙයි. මෙයට හේතු ලෙස පසුගිය කාලයේ ගංවතුර ආපදාවට පත් බස්නාහිර නාගරික ප්‍රදේශවල කසළ බැඑහැර කිරීම් නිසි ලෙස සිදු නොකිරීම දැක්විය හැකිය. ජනවාරි මස පමණක් රෝගීන් 6674ක් වූ රෝගී සංඛ්‍යාව ඉන්පසු මාසවල සංඛ්‍යාත්මකව අඩු වුවද රෝගීන් අවදානමට ලක්වීමේ අනතුර පහවී නැත.
අමාත්‍යංශ වාර්තා අනුව, පසුගිය වසරට වඩා මෙම වසර තුළ වැඩබිම් ආශ්රිත ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වාර්තාවීම වැඩිවී ඇති අතර එය සමස්ත සංඛ්‍යාෙවන් 40%කි. එසේම පසුගිය වසරේ 32%ක් වූ පාසල් ආශ්රිත මදුරැවන් බෝවන ස්ථාන වාර්තා වීම මෙවර 38% දක්වා ඉහල ගොස් ඇත. මෙම තත්වය තුළ ඩෙංගු අවදානම පිළිබද රාජ්‍ය හා පොද්ගලික අංශවල සහයෝගයෙන් අඛණෟඩ ලෙස සිදුවන ජන සහභාගී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්නට අවශ්‍යවන බව සෙෘඛ්‍ය ක්ෂේත්‍රෙය් විද්වත්හු පවසති.


