ලයනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගනී

mesiweb

ආජන්ටිනා ජාතික විසිනම හැවිරිදි ලයනල් මෙසී ජාත්‍යන්තර පාපාන්දු ක්‍රීඩාවෙන් සමුගන්නා බව පවසා ඇත. මේ දිනවල කොපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ චිලි සමග පැවැති තරගයේදී 4-0ක් ‍ලෙස පරාජයවීමත් සමග තම සමුගැනීම නිවේදනය කර ඇත.

පසුගිය ඉරිදා චිලිය හා ආජන්ටිනාව අතර පැවැති තරගයේදී නියමිත කාලය අවසන් වන විට දෙපිලම එක් ගොලයක්වත් ලබා ගැනීමට අසමත්වියග ඉන් පසුව විනිසුරුවන් දෙපාර්ශවයටම පැනල්ටි පහර ලබාදෙන ලදී. එහිදී ලයනල් මෙසීගේ හා ලුකාස් බිග්ලියාගේ උත්සාහය අසාර්ථකවීම හේතුවෙන් චිලී ක්‍රීඩකයින් තම පැනල්ටි පහර හතරක් සාර්ථක කරගැනීමත් සමග මෙවර කොපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේදී ආජන්ටිනා හා චීලි තරගය 0-4ක් ලෙස ජය ගැනීමට චිලිය සමත්විය.

මෙසී 2008 වසරේ ඔලිම්පික් උළෙලේදී පාපන්දු අවසන් මහා තරගයේදි නයිජීරියාවට එරෙහිව ගෝලයක් ලබා ගැනීමෙන් ඔලිම්පික් රන් පදක්කම ලබාගැනීමට දායක විය.

2014 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී හොදම පාපාන්දු ක්‍රීඩකයා ලෙසට තේරී පත්වය.

ප්‍රකට බර්සිලෝනා කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ක්‍රීඩා කළ ලයනල් මෙසී ආජන්ටිනා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරග 113 කට සහභාගීවී ඇත.