ඕස්ට්‍රේලියාව බලා නීති විරෝධී ලෙස සංක්‍රමණය වන්නන් ලෙස සැක කෙරෙන ශ්‍රී ලාංකික සරණාගත පිරිසක් ඉන්දියාවේ කන්‍යාකුමාරි දිස්ත්‍රීක්කයට අයත් මුටෝම් මුහුදු තීරයේදී ඉන්දීය අපරාධ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම බෝට්ටුව කේරළ ප්‍රාන්තයේ ලියාපදිංචි කර ඇති නමුත් ජාවාරම්කරුවන් විසින්ලියාපදිංචි අංක වෙනස් කොට නැවත ව්‍යාජ ලෙස සකස් කර තිබුණු බව හෙළිව තිබේ.
මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ තමිල්නාඩුවට අයත් වෙල්ලෝර්, මෙලමොනවූර් සරණාගත කඳවුරෙන් 09 දෙනෙකු ඉකුත් ජූනි මස 19 වන දින අතුරුදහන්ව සිට ඇති අතර ඔවුන් ජූනි 23 වන දින යළි පැමිණි බවකි.
ඉන්දියන් සාගරය හරහා මෙම භයානක ගමන වෙනුවෙන් එක් අයෙකු රු.100,000ක පමණ මුදලක් මිනිස් ජාවාරම්කරුවන්ගේ ඒජන්තයන්ට ගෙවා ඇති බවත් කියැවෙයි.


