සිරියාවේ රුසියානු ගුවන් ප්‍රහාර තාවකාලිකව නවතයි

airasrticweb

සිරියානු ඇලෙප්පෝ නගරය අත්පත් කරගැනීමේ මෙහෙයුම මානුෂීය හේතුන්මත පැය අටකට තාවකාලිකව නවතා දමන බව රුසියානු ආරක්සිෂක ඇමැතිවරයා ඊයේ පවසා තිබේ. මේ වන විට ඇලෙප්පෝ නගරය සිරියානු හමුදා විසින් ක්‍රමයෙන් වට කරනු ලබමින් සිටී. එහි සිටින අයි.එස් හා සිරියානු විපක්ෂය විසින් අනුග්‍රහය දක්වන සිරියානු නිදහස් හමුදාව හා අල්නුෂ්රා වැනි ඉස්ලාමීය සටන්කාමීන් විසින් වසර කිහිපයක සිට පාලනය කරනු ලබයි.

අලෙප්පෝ නගරය සිරියාවේ දෙවැනි විශාලතම නගරය වන අතර එය එරට වානිජ මූලස්මථානය ලෙසද සැලකේ.  සිරියානු දෙවැනි විශාලතම නගරයේ පාලනය වසර කිහිපයක සිට අයි.එස්. මූලධර්මවාදීන්ගේ ග්‍රහණයට නතුව තිබේ. මේ හේතුවෙන් පසුගිය මස සිට ඇලෙප්පෝ නගරය මුදා ගැනීමේ මෙහෙයුම සදහා සිරියානු හමුදාවන්ට රුසියානු ගුවන් හමුදාවේ සහාය ලබා දෙමින් මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ කලේය. රුසියානු ගුවන්හ හමුදාව සතුරු ඉලක්ක වෙත ගුවනින් ප්‍රහාරයන් එල්ල කිරීමත් සමග සිරියානු හමුදාවන්ට සටනේ වැඩි වාසි ලැබෙන්නට විය.

මෙම ගුවන් ප්‍රහාර හේතුවෙන් එත්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් විසින් සිරියාවේ විපක්ෂ කණ්ඩායම් සහයෝගය දක්වන අසාද් පාලනය එරෙහි නිදහස් හමුදා වන්ට බරපතල හානිය සිදුවිය. රුසියානු ගුවන් ප්‍රහාර හේතුවෙන් එරට සාමාන්‍ය ජනයා විශාල ලෙස මියයන බවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පවා චෝදනාවන්ට රුසියාව ලක්විය.

මානුෂීය කටයුතුවලට සහාය ලබාදීමක් ලෙස තම ගුවන් ප්‍රහාර පැය අටක කාලයක් දක්වා නවතා දමන බවට රුසියාව ඊයේ නිවේදනය කළ අතර එම කාලසීමාවේදී සාමාන්‍ය ජනයාට හා විපක්ෂයේ සහාය ලබන කණ්ඩායම්වලට නගරය වෙතින් පිටවීයාමේ අවස්ථාවක් ලබා දෙන බවද රුසියාව ප්‍රකාශයට පත්කර තිබේ. මෙම කාලය තවදුරටත් දික් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීමවේ.

Leave a Reply