මොසුල් ප්‍රහාරයෙන් අයි.එස්. ත්‍රස්ත්‍රවාදීන් සිරියාවට පනී- රුසියානු ‍ජනරාල් පවසයි

welariweb

ඇමෙරිකාව හා ඉරාකය අයි.එස් ත්‍රස්තවාදීන් සිරියාවට පළවා හැරීමේ මෙහෙයුමක් අරඹා ඇතැයි රුසියානු හමුදා ප්‍රධානී ජනරාල් වැලරි ගැරිසමොව් පවසයි.

එක්රටක සිටින ත්‍රස්තවාදීන් තවත් රටක් වෙත පළවා හැරීමෙන් වන්නේ ත්‍රස්තවාදය අවසන් කිරීම නොව එය වෙනත් රටක් වෙත පැටවීම බව ජනරාල් වැලරි ගැරිසමොව් පසුගියදා පවසා ඇත.

රුසියානු ජනරාල්වරයා එසේ පවසා ඇත්තේ මේ වනවිට ඉරාකයේ දෙවන විශාලතම නගරය වන මොසුල් නගරය මුදා ගැනීමට ඉරාක හමුදා හා කුර්දිස්න්ථාන් සටන්කාමින් සමග එක්සත් ජනපද හා බටහිර ඒකාබද්ධ හමුදා විසින් අරඹා ඇති මොසුල් මෙහෙයුම පිළිබදව සිය අදහස් පළ කිරීමේදීය.

මොසුල් නගරය වෙත ප්‍රවේශ වන ඉරාක හමුදා හා කුර්දිස්තාන් සටන්කාමීන් සිය මෙහෙයුම් ආරඹා ඇත්තේ මොසූල් නගරයට උතුරින් හා නැගෙනහිරන් වන අතර මොසුල් නගරයට බටහිරෙන් ත්‍රස්තවාදීන්ට සිරියාව දෙසට පළායාමට ඉඩකඩ විවර කර ඇතැයි ඔහු එහිදී පෙන්වාදේ.

රුසියානු ජනරාල්වරයා  එය හදුන්වන්නේ ත්‍රස්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම විනාශකරනවා හැරෙන්න වෙනත් රටක් වෙත පළායාමට සැලැස්වීම යනු සැබෑ ලෙස ත්‍රස්ත්‍රවාදය පරාජය කිරීමක් නොවන බවයි.

Leave a Reply