එ්කාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සබරගමු පළාත් සමුළුව අද (23) පෙරවරු10.00ට කෑගල්ල සණස ශ‍්‍රවණාගාරයේදී පැවැත්විිණි.
මෙහිදී ප්‍රධාන ඉල්ලීම් හතරක් ඔවුන් විසින් ඉදිරිපත් කර තිබිනි.
-
වාර්ෂිකව රැකියා ලබාදෙන ජාතික ප‍්‍රතිපත්තියක් සකසනු!
-
2017 අයවැයෙන් රැකියා ලබාදීමට මුදල් වෙන් කරනු
-
සියලූ උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙනු!
-
බඳවා ගන්නා අවම වයස් සීමාව 45 දක්වා වැඩි කරනු!
-
සියලූ ගුරු විභාග සමතුන්ට පත්වීම් ලබාදෙනු!
ගුරු සංගම්, ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම සමුළුවේදී සමුළු යෝජනා 3ක් ද සම්මත කරගන්නා ලදි.
විවිධ ප‍්‍රකාශවලට සීමා නොවී රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලූවලට කඩිනමින් විසඳුම් ලබාදිය යුතු බවත් එසේ නොවන තාක් මේ අරගලය අඛණ්ඩව සිදු කරන බවත් එ් සඳහා උතුර-දකුණ යා කළ එ්කාබද්ධ අරගලයක් දියත් කරන බවත් මෙහිදී අවධාරණය කෙරිණි.