පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (22) දින මරදාන සාමාජීය හා සාමයික කෙන්ද්‍රය (සී.එස්.ආර්හි)දී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවෙදී එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම්, පුබුදු ජයගොඩ පළකළ අදහස් පහත පළවේ.
මෙම මාධ්‍ය සාකච්ඡුාව සඳහා එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සහික දුමින්ද නාගමුව හා මධ්‍යම කාරක සභික විමල් පියතිස්ස යන අයද සහභාගි විය.
පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරි පත් කළ වත්මන් හවුල් ආණ්ඩුව විසින් 2017 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම් පත පිළිබඳ අදහස් දැක්වීය.
‘‘රජයේ ඉදිරි අයවැය ලේඛනය ගැන සම්පුර්ණයෙන් අදහසක් ඉදිරිපත් පත් කළ හැක්කේ. අය වැය සම්පුර්ණම ඉදිරිපත් කළ පසුවයි. අපට අය වැය පිළිබඳ සම්පූර්ණ අදහස ප‍්‍රකාශ කළ හැක්කේ, නමුත් විසර්ජන පනත් කෙටුම් පතෙන් පවා ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය පිළිබඳ කෙටි අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. දැනට පෙන්න තියෙන්නේ වලිගේ විතරයි. වලිගෙන් පවා සතා මොකාද කියලා හඳුනගන්න පුළුවන් තත්වයක් මේ විසර්ජන පනත් කෙටුම් පතෙන් පේනවා. සාමාන්‍යයෙන් විසර්ජන පනන් කෙටුම්පතට ඇතුලත් කරන්නැහැ රජයේ වියදම්.
අපි පසුගිය අවුරුද්දේ ඉඳලා අපි කියපු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේත් ලෝක බැංකුවෙත් කොන්්දේශි 2016 අපේ‍්‍රල් මාසයේ රජයට ලබා දුන් ඩොලර් බිලියනන 1.3ක ණය මුදලට දෙන ගමන් රජයට කොන්දේශි ගණනාවක් ඉදිරිපත් කලා.
එහි පළමු කොන්දේශිය තමයි රජයේ වියදම් කපා හැරීම. රාජ්‍ය වියදම් කපාහැරීම සඳහා අමාත්‍යංශ ගණනාවක වැය ශීර්ෂ කපා හැරීම. ඒක හරහා අයවැය පරතරය අඩුකරන්න.
දෙවැනි කාරණය තමයි රජයේ ආදායම් වැඩිකිරීම සඳහා වැඩිපුර බදු අය කරන්න යොජනා කිරීම.
තුන්වෙනි එක තමයි රජයේ පාඩු ලබන ආයතන පෞද්ගලික කරණය කිරීමට ලක්කිරීම. ඒ ආයතන අතරින් එකක් වන ශී‍්‍ර ලංකන් එයාර්ලයින් සමාගම පාඩු ලබන ආයතනයක් බැවින් රාජ්‍ය ව්‍යවසායෙන් ඉවත් කර පුද්ගලික අංශයට පැවරීමට යෝජනා කිරීම.
හතර වෙනි එක විවිධ රටවල් සමඟ ද්විපාර්ශවික හා බහු පාර්ශවික වෙළඳ ගිවිසුම් ඇතිකරගෙන ලංකාවේ දැනට තිබෙන සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ආරක්ෂණයක් ලෙස පවතින වෙළඳ බැරියර් ඉවත් කිරීම.
පස්වෙනි එක තමයි ලංකාවේ මුල්‍ය කේෂත‍්‍රය මුළුමනින්ම විවෘත කරන්න විදේශ විනිමය අනුපාතිකය ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය තීරණය කිරීමේ අයිතිය ශී‍්‍ර ලංකා මහ බැංකුවෙන් ඉවත් කිරීම. එසේ ඉවත් කර ඉල්ලූම සැපයුම මත වෙළඳ පොළ මත විනිමය අනුපාතය තීරණය කිරීම. මෙන්න මේ මූලික කාරණා පහ තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මූලික කොන්දේශි වුණේ.
ඉතිං දැන් අපට පේනවා විසර්ජන පනත් කෙටුම් පතින් රජයේ වියදම් කපාහැරලා තියෙන්නේ කොහෝමද කියලා. මීට පෙර එක කොන්දෙශියක් ඒ ගොල්ලෝ ඉටුකරලා පෙන්නුවා බදු ආදායම් වැඩි කිරීම සඳහා වැට් බද්ද ඉහළ දැමීම. ඉහළ ආදායම් ලාභින්වන පොහොසතුන් සඳහා බදු පැනවීම වෙනුවට සාමාන්‍ය ජනතාව මත භාණ්ඩ හා සේවා බද්ද ඉහළ දැමීම. දැන් වියදම් කප්පාදුව පිළිබඳ පැහැදිලි තොරතුරු සාක්ෂි දත්ත පෙන්වමින් තියෙනවා විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳව.
2016 වසරේ අයවැය ලේඛනයට අනුව රජයේ වියදම් රුපියල් බිලියන 1941.7ක්, 2017 අවුරුද්ද සඳහා රජයේ වියදම් රුපියල් බිලියන 21.9කින් අඩු කරලා රුපියල් බිලියන 1919.5කට අඩුකරලා තමයි ලබන අවුරුද්දේ අය වැය ලේඛනය ඇස්තමේන්තු කරලා තියෙන්නේ. එතතොට මේ අඩු කළ රුපියල් බිලියන 21.9ක් අඩු කරලා තියෙන්නෙ ජනතාවගේ ජීවිතවලට වැඩිපුරම වැදගත් වන සමාජ ආරක්ෂන සේවාවන් සම්බන්ධ අමාත්‍යංශවලින්.
උදාහරණයක් ලෙස ඒ අය කියනවා ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් කපලා කියලා. ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් පොඩි ප‍්‍රමාණයකින් අඩු කරලා තියෙනවා තමයි. 2016යේ බිලියන 306ක් තිබුණේ. ලබන අවුරුද්දෙදි බිලියන 284 දක්වා අඩුකරලා තියෙනවා. නමුත් ආරක්ෂක වියදම ඒ විදියට අඩු කරද්දි අනෙකුත් අමාත්‍යංශවල විශාල වශයෙන් වියදම් අඩු කරලා තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මහා මාර්ග සහ උසස් අධ්‍යපන අමාත්‍යංශය.
2015 අවුරුද්දේ අතුරු අයවැයෙන් ඒ අමාත්‍යංශයට බිලියන 230ක් වෙන් කරලා තිබුණා. 2016දී තව අඩුකරලා බිලියන 171ක් කළා. දැන් එක තවදුරටත් අඩු කරලා බිලියන 163.5කට ඒ නිසා ප‍්‍රස්ථාරයක් ඇන්දොත් ඒක යන්නේ පහළට. මේකේ වැදගත්ම කාරණය තමයි. මහා මාර්ග හා උසස් අධ්‍යාපන කියලා මේ අමාත්‍යංශ දෙක එකට ගනිද්්දි මෙහි විද්‍යාත්මක පදනමක් නැහැ. දැනට මහා මාර්ග සඳහා විශාල මුදලක් වැය කරනවා. ඒ නිසා මේ දෙක එකට එකතුකලාට පස්සේ තමයි උසස් අධ්‍යපනය සඳහා වියදම් කප්පාදු කරන එක පෙන්නේ නැත්තේ. හැබැයි දැන් 2016 වඩා 2017 අවුරුද්දේ වියදම් රුපියල් බිලියන 7.6කින් අඩු කරලා තියෙනවා.
මේකේ වැදගත්ම එක තමයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සඳහා වෙන් කරපු ප‍්‍රාග්ධන වියදම රුපියල් බිලියන 15.9 ඉඳලා රුපියල් බිලියන 10.5ට 3/1කින් කපා හැරලා තියෙනවා. මෙහෙම කරන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම සඳහා පියවර ගනිමින් සිටින අතර. විශ්වවිද්‍යාල සඳහා වන ප‍්‍රාග්ධන වියදම් කපා හැරලා තියෙනවා. අධ්‍යපන අමාත්‍යංශය සඳහා ගිය අවුරුද්දේ වෙන් කරලා තිබුණා. රුපියල් බිලියන 185.9ක් 2017 වෙන්කරලා තියෙන්නෙ රුපියල් බිලියන 76.6ක් ආණ්ඩුව කිවුවා රාජ්‍ය විශ්වවිද්‍යාල ශක්තිමත් කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල ගේනවා කියලා.
ඒ තර්කය මේ අයවැය ඉලක්කම්වලින් බිඳදාලා තියෙනවා. බිලියන 185 හැදුනේ පාසල්වල සහ ඉඩම්වල වටිනාකම් වාර්ෂික ප‍්‍රතිශතයක් ලෙස රුපියල් බිලියන 121ක් එකතු කරලා. ආරක්ෂක අමාත්‍යංශය සඳහා රුපියල් 284ක් වෙන් කරද්දි මුදල් අමාත්‍යංශය සඳහා 241.8ක් වෙන් කරද්දි පනස් ලක්ෂයක් පාසල් ශිෂ්‍යයෝ සඳහා ලංකාවේ ජනහණයෙන් 4/1 පාසල් ශිෂ්‍යයෝ වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ රුපියල් බිලියන 76.5යි. මේකත් සම්පුර්ණයෙන් පාසල් සඳහා වියදම් කරන්නේ නැහැ. මේ අමාත්‍යංශයට කලින් සංස්කෘතික අමාත්‍යංයේ තිබුණ කෑලිත් එකතු කරලා තියෙනවා. මේ පනත් කෙටුම්පතට අනුව පුරාවිද්‍යා සඳහා රුපියල් මිලියන 523ක් ඒ කියන්නේ දළ වශයෙන් බිලියනයක් අඩුවෙනවා.
ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා රුපියල් මිලියන 359ක් වෙන් කරලා තියෙනවා. මේ විදියට බිලියන එක හමාරක් දෙකක් මේ 76න් අඩුවෙනවා. ඒ නිසා පාසල් අධ්‍යපනයෙ බරපතළ ලෙස වියදම් කප්පාදුවක් කරලා තියෙනාවා. අපි ආණ්ඩුවට කියනවා මේක පැහැදිලි කරන්න කියලා 2016 අවුරුද්ද සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ පුනරාවර්තන වියදම් තිබුණා. රුපියල් බිලියන 46ක් ඒ කියන්නේ දැනට පවතින තත්වය පවත්වාගෙන යාම සඳහා වන වියදම. මේකෙදි වැටුප්, විදුලි, ජල, වාහන නඩත්තු, ගොඩනැගිලි ගාස්තු ඇතුළු දැනට පවතින තත්වය පවත්වාගෙන යාම සඳහා වෙන් කරන වියදම තමයි පුනරාවර්තන වියදම් කියන්නේ. මේක 2016 රුපියල් බිලියන 46යි. 2017 අවුරුද්දේ වෙන්කරලා තියෙන්නේ රුපියල් බිලියන 36යි 5/1 පමණ කපලා තියෙනවා. පුනරාවර්තන වියදම්. ආණ්ඩුවෙන් වහාම පැහැදිලි කිරීමක් අවශ්‍යයි පාසල් වහන්නද යන්නේ?
මේ තරම් අඩුවෙනවා කියන්නේ මේ තියෙන පාසල් පවත්වාගෙන යන්න බැහැ.
සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධ ප‍්‍රශ්නයත් එහෙමයි. 2016 රුපියල් බිලිය 177.9 මුදලක් වෙන් කරලා තිබුණා. ලබන අවුරද්දට වෙන් කරලා තියෙන්නේ 160.9යි. උසස් අධ්‍යපන, අධ්‍යාපන හා සෞඛ්‍ය යන විෂයන් තුනේම මුදල් කප්පාදු කරලා තියෙනවා.
පොදු ප‍්‍රවාහනය සඳහා 2015 අතුරු අයවැයෙන් තිබුණා රුපියල් බිලියන 78ක් 2016 අවුරද්දට ඒක හරියට 4/1කින් කපලා වෙන් කළේ රුපියල් බිලියන 58යි. 2017ට වෙන්කරලා තියෙන්නේ රුපියල් බිලියන 51යි. දුම්රිය දෙපාර්තමේතුව සඳහා පුනරාවර්තන වියදම්වත් වෙන්කරලා නැහැ. ඒ නිසා මේ තියෙන රේල් පාරවල් ටික නඩත්තු කරන්න හම්බ වෙන්නේ නැහැ. දුම්රිය එංජිමක් කැඩුනොත්, සී.ටී.බී බස් එකක් කැඩුනොක් අමතර කොටසක් මිලදී ගන්න සල්ලි වෙන්කරලා නැහැ. පොදු ප‍්‍රවාහනය බිඳ වැටිලා නිසා මිනිස්සු පුද්ගලිකව වාහන ගන්නවා. ඒකේ ගාණත් වැඩිකරලා
කෘෂි කර්මාන්ත අමාත්‍යංශයේ වියදම භාගයකින් කපලා. 2016 බිලියන 54යි. ලබන අවුරුද්දේ බිලියන 21යි. ධීවර අමාත්‍යංශයට රුපියල් බිලියන 5.5යි වෙන් කරලා තියෙන්නේ. ඒ පුනරාවර්තන, ප‍්‍රග්ධන සියලූ වියදම්වලට ධීවරයන් වරාය නගරය, නීති විරෝධී පන්න ක‍්‍රම භාවිතය ගැන දිගටම උද්ඝෝෂණ තියෙනවා. ග‍්‍රාමීය ආර්ථිකයට බිලියන 8යි වෙන්කරලා තියෙන්නේ. ප‍්‍රාථමික කර්මාත අමාත්‍යංශයට බිලියන 3යි වෙන් කරලා තියෙන්නේ.
හැබැයි ජනාධිපතිගෙයි, අගමැතිගෙයි වැය ශිර්ෂය බොහෝම ලස්සනට ඉහළ දාලා ජනාධිපති වැය ශිර්ෂය රුපියල් බිලියන 2.3 තිබුනේ එක 6.45ට වැඩිකරලා. දළ වශයෙන් තුන් ගුණයකින් පමණ වැඩි කරලා. ලබන අවුරුද්දේ ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂයේ කෝටි 45ක් තියෙනවා. ලබන අවුරද්දේ දවස් තියෙන් 365යි. ඒ කියන්නේ දවසකට කෝටියකට වැඩි මුදලක් වැය වෙනවා. මුලින් කිවුවේ කලින් හිටපු ජනාධිපතිවරයාට වඩා විශාල ලෙස මුදල් කප්පදු කළා කියලා. නැවත කලින් තිබුන ගාණටම නැගලා. වෙනස තිබුණේ එක අවුරද්දයි.
අගමැතිවරයා සඳහා වියදම රුපියල් බිලියන දශම 4 ඉඳලා බිලියන 1.25ට ඒකත් තුන්ගුණයකින් වැඩිකරලා. තමන්ගේ පංගුවට ලොකු ලොකු හැඳිවලින් බෙදා ගන්නවා. අධ්‍යාපනයට, සෞඛ්‍යට, කෘෂිකර්මාන්තයට කන් හැන්දෙන් තමයි බෙදලා තියෙන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය අරන් තියෙන්නේ කොන්දෙසිවලට යටත් වෙලා. දැන් ඒ කොන්දෙසි ඉටු කරනවා.
නිල ඇඳුම වෙනුවට වවුචරයක් දිලා ඒක කප්පාදු කළා. පොහොර වෙනුවට මුදල් දිලා ඒක කප්පාදු කළා. සමාජ ආරක්ෂ සේවා කප්පාදු කාළා ඒව කරන්න බැරිවුනා. ඒවා කරන්න යන හැම මොහොතකම ජනතාව සංවිධාන්මකව නැගිටිටා. නොවැම්බර් මාසයේදී අපිට බලාගන්න පුළුන්වන් මිනිස්සුන්ට මොකක්ද වෙන්න යන්නේ කියලා.
වැඩිම මුදලක් වෙන් කරලා තියෙන්නෙ ආරක්ෂක අමාත්‍යංශයට. මේ මුදල් කපන්න කපන්න ආරක්ෂක අමාත්‍යංශයේ මුදල් තව වැඩිකරන්න වෙනවා. ගුවන් ප‍්‍රහාරක යානා මිලදී ගන්න කැබිනෙට් අනුමතිය ගත්තා. යුද්ධයක් නැති වෙලාවක කාට බොම්බ ගහන්නද? මේක රටේ වැඩකරන ජනතාවගේ සුභසිද්ධිය සඳහා වන උපාය මාර්ගයක් නෙවෙයි.
මේක මුල්‍ය ධනපතියන්ට ඕන ඕන විදියට ජාවාරම්කරුවන්ට ඕන ඕන විදියට ඇවිල්ලා ආර්ථිකය සූරා කන්න ඉඩ සලස්වන ආර්ථික උපාය මාර්ගයක් මේ සකස් කරලා තියෙන්නේ.