වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 730 දක්වා වැඩි කළ අවෙබෝධතා ගිවිසුම අත්සන් කළද කම්කරුවන්ට අවාසිදායක එම අවබෝධතා ගිවිසුම පිලිගත නොහැකි බව වතු කම්කරුවෝ කියති.
වතුහාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තිය සමිති අතර වසර දෙකට බලපාන පරිදි මෙම ගිවිසුම පසුගියදා අත්සන් කරණ ලදී. එසේ වුවද පසුගිය කාලයක් තිස්සේ රු. 1000ක දෛනික වැටුපක් ඉල්ලා අරගල කළ කම්කරුවෝ තමන්ට වැඩි කළ වැටුපට සරිලන මාස 18 හිග වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා, නොර්වුඩ් ස්ටොක්හෝම් වතුයායේ හා මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයේ හැටන් සාමිමලේ ප්‍රධාන මාර්ගය හා සාමිමලේ මස්කෙළිය ප්‍රධාන මාර්ගය උදෑසන 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා උද්ඝෝෂණයක නියැලි සිටියහ.
එම උද්ඝෝෂණයේ නියැලි වතුකම්කරුවන් අවආරණය කළේ මේ මස 29 වන දිනට එළඹෙන දිපාවලි උත්සවය සමරන්නට තරමම් ආර්ථීක තත්වයක් නොමැති බවයි. එසේම පසුගිය දිනවල රුපියල් දහසක වැටුප් ඉල්ලා සිදුකළ වැඩ වර්ජන සහ උද්ඝෝෂණ නිසා තමන් පලිගැනීමකට ලක්ව ඇතැයිද වතු වෘත්තිය සමිති නායකයන් විසින් කම්කරුවන් පාවාදෙමින් එම වර්ජන කාලය සදහා වැටුප් කැපීමට එකග වී ඇතැයිද කම්කරුවෝ චෝදනා කරති.
මේ අනුව වතුකම්කරුවකුට මුලික වැටුප් රැපියල් පන්සියක්ද (500), පැමිණිමේ දිරි ගැන්වීමේ දිමනා රැපියල් හැටක් (60), මිළ පරිපුරක දිමනා රැපියල් තිහක් (30), සහ නිෂ්පාදන දිරි දිමනා රැපියල් එකසිය හතලියක් (140) වශයෙන් දිනකට රු 730ක වැටුපක් වතුහාමිපුතුන්ගේ සංගමය යෝජනා කර තිබිණි. එය මෙතෙක් වතුකම්කරුවන් ලබාගත් වැටුප හා සැසදීමේදි රු 130ක වැඩිවිමකි. මෙවර දිපාවලි උත්සව සමය වෙනුවෙන් රැපියල් පන්දහසක උත්සව අත්තිකාරම රු 10,000 දක්වා වැඩි කර ලබා දිමට වතුහාම්පුතුන්ගේ සංගමය එකගතාවය පලකර තිබේ. වතුකම්කරුවන්ට හිග වැටුප් ලබා නොදිමට වතුහාම්පුතුන්ගේ සංගමය කළ යෝජනාවට වතු එකාබද්ධ වෘත්තිය සමිති එකගතාවය පලකර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කර තිබුණි.
ඒ යටතේ වතුකම්කරුවන් සතියේ දින හතරක් අනිවාර්යයෙන් වැඩ කිරීම සහ දිනකට තේ දලු කිලෝ 24ක් නෙලීම යන කොන්දේසි යටතේ දෛනික දල වැටුප රුපියල් 620 සිට 730දක්වා රුපියල් 110ක සොච්චමකින් වැඩිකිරීමක් සිදුව ඇත. දැනට වතු සේවිකාවක් දිනකට කිලෝ 16-18ක් නෙලන නිසා, 50% ත් 33% අතර වැඩ වේගවත් කිරීමකි. එම ඉලක්කය සපුරා නොදෙන සේවකයන්ට හිමිවන්නේ රැ 632ක වැටුපක් පමණි. එපමනක් නොව, සතියේ ඉතිරි දින දෙකේදීද වතුකම්කරුවන්, දිනකට රු.500ක ගෙවීම යටතේ තාවකාලික පදනමෙන් වැඩෙකරමින් එක් දිනකට තේ දලු කිලෝ 15ක් නෙලිය යුතු ය. එසේ නෙලන තේ දලු බර ඊට වඩා වැඩිවන්නේ නම්, කිලෝවක් සදහා රු. 26ක් බැගින් ගෙවනු ඇත.