සිතුවම් ශිල්පීහු 13ක් ලයනල් වෙන්ඩ්ට් හිදී එක් වෙති

2016.06.21art exhibition

වෘත්තීයමය චිත්‍රශිල්පීන් 13 දෙනකුගේ නිර්මාණ රැගත් ‘13 ස්ට්‍රෝක්ස්‘ නම් චිත්‍ර ප්‍රදර්ශණයක් ජූනි 24-26 දිනවල කොළඹ, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ.

ගුණසිරි කොළඹගේ, ගාමිනි අබේකොන්, සුදත් අබේසේකර, අනුර ශ්‍රීනාත්, බැසිල් කුරේ, සංජීව සෙනෙවිරත්න, ඇන්ටන් බී. පෙරේරා, ටිඩී අබේසූරිය, කනිවුමතී, හේමන්ත වරකාපිටිය, අනූප ඉන්දික, සුසිල් ජයශාන්ත, රොහාන් දසනායක යන චිත්‍රශිල්පීන්ගේ සිතුවම් මෙම ප්‍රදර්ශනයේදී නැරඹීමට පුලුවන. එසේම එම ප්‍රවීණයන්ගෙන් චිත්‍රකලා ශිල්පයේ උපදෙස්, ගුරුහරුකම් ලබාගැනීමටද අවස්ථාව සැලසෙන බව සංවිධායකයෝ පවසති.