පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවට වත්මන් මහ බැංකු අධිපතිවරයා තනිවම කැඳවා විමර්ශනයක් සිදු කිරීමට කෝප් කමිටු නියෝජිතයන් තීරණය කර ඇත. මෙසේ මහ බැංකු අධිපතිවරයා කැඳවනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහායි. ඒ අනුව මෙම සතියේදී මහ බැංකු අධිපතිවරයා තනිවම කෝප් කමිටුව වෙත කැඳවනු ඇත.
මෙම කැඳවීමේ විශේෂය වන්නේ මහ බැංකු අධිපතිවරයා තනිවම කෝප් කමිටුව හමුවට කැඳවන පළමු අවස්ථාව මෙය වීමයි. මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳව කෝප් කමිටුව විසින් විමර්ශන සිදු කරන අතර මීට පෙර අවස්ථාවන්වලදී ද මහ බැංකු අධිපතිවරයා මෙම කමිටුව හමුවට කැඳවනු ලැබුණ නමුත්, මහ බැංකු අධිපතිවරයා තනිවම කෝප් කමිටුවට කැඳවන පළමු අවස්ථාව මෙයයි.
මහ බැංකු අධිපතිවරයාට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනෙකු, සහකාර අධිපතිවරුන් 05 දෙනෙකු , ප්‍රධාන විගණන නිලධාරීන් ඇතුළු නිලධාරීන් 26 දෙනෙකු මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳව කෝප් කමිටුව හමුවට මීට පෙර කැඳවා තිබේ.

