නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් ලබන 31 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය. ඔහු සැප්තැම්බර් මස 2 වැනිදා තෙක් ලංකාවේ රැුඳී සිටිනු ඇත. එම කාලය තුළ ඔහු ජනාධිපති මෛත්රීපාල සිිරිසේන, අගමැති රනිල් වික්රමසිංහ ඇතුළු පිරිසක් හමුවන අතර යාපනයේ සංචාරයක නිරත වීමටද නියමිතය. බෑන් කී මූන් ආසියාවේ සිදු කරන සංචාරය අතරතුර ලංකාවට අමතරව සිංගප්පූරුව, චීනය, ලාඔ්සය සහ මියන්මාරයටද සංචාරය කිරීමට සැලසුම් කර ඇත.