සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ නියෝජිතයන් ඊයේ (15) ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත ඇතුළු වෘත්තිය සමිති නියෝජිතයන් සමග සාකාච්ඡාවක් පවත්වා තිබේ.
මේ වනවිට වසර 8ක් තිස්සේ නීතිවිරෝධීව වෛද්‍ය උපාධිය විකුණන සයිටම් ආයතනය අහෝසි කිරීම සදහා ඊට එරෙහි සියලුම දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති හා වෙනත් සමාජ බලව්ග ඒකාබද්ධව විරෝධතා ගෙන යායුතු බවට වූ එකගතාවය පදනමු කරගෙන කොළඹ සමස්ත ලංකා බැංකු සේවක සංගම් මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැති බව එම සාකච්චාවට සහභාගි වූ ශිෂ්‍ය නියෝජිතයෝ ප්‍රකාශ කරති.
වෘත්තිය සමිති සමග කළ සාකච්ඡාවට අනුව ඉදිරියේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩබිම් වෙත ගොස් කම්කරුවන් දැනුවත් කිරීමට තීරණය වී තිබේ. ඉදිරියේදී මෙම සාකච්ඡාවලට සම්බන්ධවූ අනෙකුත් වෘත්තිය සමිති, දේශපාලන පක්ෂ හා සිවිල් ක්‍රියාකාරිකයන් සමග විරෝධතා ක්‍රියාදාමයට අවතීර්ණවීමට ඒ අනුව එකඟතාවයකට පැමිණ ඇත.
නීතිවිරෝධී ලෙස වෛද්‍ය උපාධි මුදලට පිරිනමන මෙම ආයතනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් පළ කළද එය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ සිට තමන් විරෝධතා ගෙනයන බව එහිදී සිසු ජන වයාපාරයේ නියෝජිතයන් ප්‍රකාශ කර ඇත. එහිදී දැනට සයිටම් ආයතනයට අතුළත් කර සිටින සිසුන්ට අසාධාරනයක් නොවන අයුරින් වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරන සාධාරණ විසඳුමක් තමන් පිළිගන්නා බවත් එහිදී ඔවුහු ප්‍රකාශ කළහ.