සයිටම් නැවතත් කුමන්ත්‍රණයක

2016-4-30 saitm

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ අවසාන වසර සායනික පුහුණුව සඳහා මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් පිරිසක් රැගෙනයාමේ සුදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මේ පිළිබඳව තමන්ට විශ්වාසදායක ආරංචි මාර්ගයකින් තොරතුරු ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින් ද හේරත් පවසයි. සෞඛ්‍ය සේවයේ එක්තරා නිලධාරියෙකු රෝගීන්ට මුදල් ගෙවිමේ පොරොන්දුව මත ඔවුන් ඒ සඳහා පොළඹවාගෙන ඇති බවද රාජ්‍ය සෞඛ්‍ය සේවා ආයතනයක ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ව ලාභ ලබන පෞද්ගලික ආයතනයක ප්‍රයෝජනය සඳහා නිසි අවසරයකින් තොරව යොදා ගැනීම බරපතළ වරදක් බවද එම සංගමය අවධාරණය කරයි.