ලක්ෂ තුනේ කාර් රවිගෙන්ලු – කාර්වල බදුගැසීමෙන් උපයන තැතක්!

2016.06.03 BAJAJ QUTE1

ආණ්ඩුව විසින් බදු වැඩිකිරීම නිසා මෝටර් රථවල මිල ඉහළ යාමත් සමග නව මෝටර් වාහනයක් හදුන්වා දීමේ අරමුණ පිළිබද ඇතැම් වෙළෙදපොළ විශ්ලේෂකයන් පවසන්නේ වෙළෙදපොළ අත්පත් කරගැනීමෙන් අධික ලාභ උපයා ගැනීමේ උත්සාහයක් බවයි.

ඉන්දියාවේ බජාජ් සමාගමේ නිෂ්පාදනයක් ලෙස ලංකාවේ වෙලඳපලට ඉදිරිපත් කරන මෙම වාහනය කොඩ්රිසයිකල් (quadricycle) වර්ගයට අයත්  ‘Bajaj Qute’ ලෙස නම් කර ඇත. රුපියල් රුපියල් ලක්‍ෂ තුනකට මෙය වෙළෙදපොළට හදුන්වාදෙන්නට සැලසුම්කර ඇති නිසා මෙය ලංකාවේ ත්‍රිෙරා්ද හදුන්වාදීමටත් නොදෙවෙනි වෙළදපොළ අත්පත් කරගැනීමක් පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රියදුරු සමග සිව්දෙනකුට ගමන් කළ හැකි කොඩ්රිසයිකලයෙන් උපරිම වේගය පැයට කි.මී. 70ක්ද ඉන්ධන කාර්යක්ෂමතාව ලීටරයට කි.මී.36ක් ද වනු ඇත. මුදල් ඇමති රවි කරුණානායක ජනමාධ්‍ය අමතමින් ඊයේ (2) කියා සිටියේ ත‍්‍රිරෝද රථයකට වඩා අඩු මිලකට මෝටර් රථයක් ලබා හදුන්වාදෙන්නට අපේක්ෂා කරන බවයි. කෙසේවෙතත් මෙම වාහනය ඉන්දියාවේ මාර්ගවල භාවිතයට තවමත් අනුමත නොකළ පර්යේෂන මට්ටමේ පවතින වාහනයක් ලෙසද වෙළෙදපොළ ආරංචි මාර්ග හෙළිකර ඇත.

2016.06.03 BAJAJ QUTE 2016.06.03 BAJAJ QUTE2