‘සයිටම්‘ ගැන අධ්‍යයනය අවසන් නැතිලු – නීතිපති යළිත් කල් ඉල්ලයි!

2016.07.06 ag_saitm

‘සයිටම්‘ නමින් මාලබේ පවත්වාගෙන යන වෛද්‍ය උපාධිය මුදලට දෙන ආයතනය ගැන ස්ථාවරය දක්වන්නට රජයේ නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  තවත් කල් ඉල්ලා ඇත.

මාලබේ උපාධි විකිණීම නෛතික වශයෙන් ජයග්‍රහණය කරවීම සදහා සාධකයක් ලෙස එයින් උපාධිය ලබන සිසුන් රාජ්‍ය සේවයට ඇතුළත් කිරීමේ හැකියාව ලබාගැනීමේ උත්සාහයක් තිබේ.  ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනුකරමින් එය විභායට ගැනීමට ඉල්ලා තිබුණේ එසේ මුදලට වෛද්‍ය පාටමාලා හැදෑරෑ සිසිනු කිහිප දෙනකු විසිනි. මේ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීමට කාලය දෙන ලෙස නීතිපති යළිත් වරක් ජූලි 5වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  කළ ඉල්ලීම අනුව තවදුරටත් කල් ලබා දුන්නේය.

රාජ්‍ය පිළිගත් විශ්වවිද්‍යාලවලින් පිටවන වෛද්‍ය උපාධිධාරීන් පමණක් රාජ්‍ය සේවයට ඇතුළත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ  ලේකම්  සේවා නියමයක් නිකුත් කර ඇත. මාලබේ සයිටම් පෞද්ගලික උපාධි ආයතනය විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පිළිගත් උපාධි ප‍්‍රදාන ආයතනයක් වුවද එය ශිෂ්‍ය ව්‍යාපාරයේ මෙන්ම පොදුවේ වෛද්‍ය ක්ෂේත්‍රෙය්ද විරෝධයට හේතු වී ඇත. වසර ගණනාවක්ම ක්‍රියාත්මක වන සයිටම් ආයතනය දිගින් දිගටම රජයේ ප්‍රමිතීන්ගෙන් පහළ මට්ටමක පවතින බැවින් ආන්දෝලනාත්මක තත්වයක් පවතී. මේ තත්වය තුළ රජයේ පිලිගැනීම නොමැතිකමින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවත් පෙත්සම්කාර සිසුහු කියා සිටිති. ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  ඉල්ලා සිටින්නේ පෞද්ගලික වෛද්‍ය උපාඹධිය සයිටම් ආයතනයෙන් තමන් ලබාගෙන ඇති බැවින් තමන්ද රාජ්‍ය සේවයට ඇතුළත් කර ගැනීමට නියෝග කරන ලෙසයි.