මෙතෙක් වැඩිම ධනයක් ඉපැයූ කි‍්‍රකට් කී‍්‍රඩකයන් දසදෙනාගේ ලැයිස්තුවේ හත්වැනි තැන හිමිකර ගැනීමට ලංකාවේ කුමාර් සංගක්කාර සමත් වී සිටී. මේ බව සඳහන් වන්නේ ක්‍රසජන්එ ත්‍දකකඅ වෙබ් අඩවිය පසුගිය අපේ‍්‍රල් මස පළ කළ වර්තාවකය. එම වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට මෙම වසරේ වැඩිම ආදායමක් ඉපැයූ කි‍්‍රකට් කී‍්‍රඩකයා වන්නේ පසුගිය වසර කිහිපයකදී මෙන්ම ඉන්දියාවේ මහේන්ද්‍ර සිං ද්‍රෝනිය. ඔහු ඉපැයූ මුදල අමෙරිකන් ඩොලර් මිලියන 34.5 කි. මේ වන විට කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගෙන සිටින සචින් තෙන්ඩුල්කාර් ලැයිස්තුවේ දෙවැනි තැන සිටින අතර ඔහු ඉපැයූ මුදල ඩොලර් මිලියන 29කි. ආදායම් වාර්තා බිඳ හෙළමින් වේගයෙන් ධනවත්ම කී‍්‍රඩකයකු වී සිටින විරාත් කෝලි තුන්වැනි ස්ථානයේත් ඉන්පසු පිළිවෙළින් ඒ.බී. ඩිවිලියර්ස්, කි‍්‍රස් ගේල්, රිකී පොන්ටින් ලැයිස්තුවේ හතර, පහ, හයිවැනි ස්ථානවලත් රැඳී සිටින අතර ඩොලර් මිලියන 10ක් උපයමින් සංගක්කාර ලැයිස්තුවේ හත්වැනි තැනට පත්ව සිටී. ඔහුට පසුව බ්‍රෙට් ලී, ෂහීඞ් අෆ්රිඞී සහ බ්‍රෙන්ඩම් මැකලම් ලැයිස්තුවේ මුල් දහදෙනා අතර සිටී.
සංගක්කාර ඩොලර් මිලියන 10ක් එනම්, ආසන්න වශයෙන් රුපියල් කෝටි 140ක් උපයන විට එහි වැඩිම පංගුවක් උපයා ගෙන ඇත්තේ වෙළෙඳ සමාගම් සමඟ භාණ්ඩ අලෙවි ප‍්‍රවර්ධන ගිවිසුම්වලිනි. එම මුදල ඩොලර් මිලියන 8කි. මෙම ලැයිස්තුවේ සෑම කී‍්‍රඩකයෙක්ම වාගේ තමන් ඉපැයූ මුළු මුදලින් වැඩිම පංගුවක් උපයා ගෙන ඇත්තේ මෙලෙස අලෙවි ප‍්‍රවර්ධන ගිවිසුම්වලිනි. ද්‍රෝනි ඩොලර් මිලියන 34.5 එනම්, රුපියල් කෝටි 483ක් පමණ මුළු මුදලක් උපයද්දී ඉන් ඩොලර් මිලියන 30ක් උපයාගෙන ඇත්තේ අලෙවි ප‍්‍රවර්ධන ගිවිසුම්වලිනි. තෙන්ඩුල්කාර්, පොන්ටින්, බ්‍රෙට් ලී දැනටමත් ජාත්‍යන්තර තරගවලින් සමුගත් කී‍්‍රඩකයන් පවා තවමත් වැඩිම ධනයක් ඉපැයූ කී‍්‍රඩකයන් දසදෙනාගේ අතර සිටින්නේ කී‍්‍රඩා කර උපයා ගත් මුදලට වඩා අලෙවි ප‍්‍රවර්ධන වෙළෙඳ ගිවිසුම්වලින් උපයා ගත් මුදල් මතය. ඔවුන් මේ වන විට කී‍්‍රඩා නොකරන මුත් භාණ්ඩ අලෙවිය සඳහා ඔවුන්ගේ ජනපි‍්‍රය නම භාවිත කළ හැකි බව සමාගම් තවමත් විශ්වාස කරයි.
විස්සයි විස්ස තරග හඳුන්වාදීම, අයි.පී.එල්, බිග්බෑෂ්, කැරිබියන් වැනි මහා කි‍්‍රකට් සැණකෙළි බිහිවීම, මහා පරිමාණ සමාගම් මේවාට අනුග‍්‍රහය දක්වමින් කී‍්‍රඩකයන් වෙන්දේසි ලබාගැනීම වැනි මෑතකාලීන ප‍්‍රවණතා හරහා කී‍්‍රඩයන්ගේ ජනපි‍්‍රයතාව ඉහළ ගොස් අලෙවි ප‍්‍රවර්ධනයේදී ඔවුන්ගේ මිල ඉහළ යාම කි‍්‍රකට් කී‍්‍රඩාව වෙළෙඳ වටිනාකම් වේගයෙන් ඉහළ ගොස් එය ලොව ඉහළම වෙළෙඳ වටිනාකම් සහිත කී‍්‍රඩාව වන පාපන්දු කී‍්‍රඩාවට කිට්ටු කරමින් සිටිනු දක්නට පුළුවන. කි‍්‍රකට් සාම්ප‍්‍රදායික කී‍්‍රඩාවක්ව පැවැති යුගයේ එය එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව කේන්ද්‍ර කරගෙන පැවතියත් වාණිජමය කී‍්‍රඩාවක් බවට වේගයෙන් පත්වෙමින් තිබෙන කි‍්‍රකට් කී‍්‍රඩාවේ අද කේන්ද්‍ර ස්ථානය බවට ඉන්දියාව පත්වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. ලොව වැඩිම ආදායමක් ඉපැයූ මුල් කී‍්‍රඩකයන් තිදෙනාම එනම්, ද්‍රෝනි, තෙන්ඩුල්කාර් සහ කෝලි ඉන්දියානුවන්ය. එසේම ලොව වැඩිම වත්කමක් සහිත වැඩිම ආදායම් ලබන කි‍්‍රකට් පාලක මණ්ඩලය වන්නේ ඉන්දියානු කි‍්‍රකට් පාලක මණ්ඩලයයි. ලොව විශාලතම කි‍්‍රකට් සැණකෙළිය වන අයි.පී.එල්. පැවැත්වෙන්නේ ඉන්දියාවේදීය. මේ සියල්ලටම හේතුව කි‍්‍රකට් කී‍්‍රඩකයන්ව දෙවියන් සේ අදහන තත්වයට පත් කළ හැකි ප‍්‍රජාවක් ඉන්ඳියාව තුළ පහසුවෙන් ගොඩනැඟිය හැකි වීමත් එම කී‍්‍රඩක දෙවිවරු හරහා අතිවිශාල ඉන්දීය කලාපයේ වෙළෙඳපොළ තුළ විශාල බලපෑමක් කළ හැකි වීමත්ය.