පාර්ලිමේන්තුව අද (09) පෙරවරු 9.30 ට යළි රැස්වන අතර එහිදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙනු ඇත.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ (08) දිනයේදී වුවත් පාර්ලිමේන්තු මයික‍්‍රෆෝන පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තබන ලදී.
නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ප‍්‍රකාශ කළේ මයික‍්‍රෆෝන පද්ධතියේ තිබූ කාර්මික දෝෂය යථා තත්වයට පත්කළ අතර එය අක‍්‍රිය වීමේ අවදානමක් ඇති නිසා බෆල් ස්ථානගත කර එෆ්.එම්. මයික් සූදානම් කර ඇති බවයි. පාර්ලිමේන්තුවේ ශබ්ද විකාශන පද්ධතිය නවීකරණය කිරීමට ද පියවර ගැනීමට අපේක්ෂා කලත් නව ක‍්‍රමයේදී ද ගැටලු මතු විය හැකි බව නියෝජ්‍ය කතානායකවරයා පවසයි.
ඊයේ විවාදය කඩාකප්පල් වුයේ අහම්බ කාර්මික දෝෂයකින් නොව හිතාමතාම විවාදය මගහැරීමට යයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළ අතර ආණ්ඩුව පවසන්නේ අද උදෑසන පළමු කරුණ ලෙස එම විවාදය පවත්වන බවයි.