ධීවර සංස්ථාවේ අවුරුදු 8ක් පරණ මාළු ධීවර සංස්ථාවේ ශීතකරණ තුළ තිබී අවුරුදු අටක් පැරණි මත්ස්‍ය තොගයක් හමු වී තිබේ. විදේශ රටකින් මිල දී ගෙන ඇතැයි පැවසෙන මෙම මත්ස්‍ය තොගය ටොන් තුනකි. ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර දැනුම් දී තිබේ.