වයඹ විශ්වවිද්‍යාලයේ කලා මංගල්‍යය, අගෝස්තු 15 සිට 26 දක්වා

wayamba uni kembimaka seya

වයඹ විශ්වවිද්‍යාලයේ ‘කෙම්බිමක සේයා‘ කලා මංගල්‍යය  අගෝස්තු 15 සිට 26 දක්වා වයඹ විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ.
විශ්ව විද්‍යාලයීය ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සංගමයට අනුබද්ධිත කලා අනුකමිටුව මෙම කලා උළෙල පවත්වන්නේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මෙන්ම මෙන්ම ආදී විද්‍යාර්ථීන්ගේ එකමුතුව සහ ව්‍යාවහාරික විද්‍යා පීඨය, කෘෂිකර්ම හා වැවිලි කලමනාකරණ පීඨය පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨ සිසුන්ගේ සහයෝගය ද ඇතිවය.
2002 වර්ෂයෙන් ඇරඹී මෙම කලා උළෙල මෙවර පස්වන වරට පවත්වනු ලබන්නේ එක් දිනකට සීමා කරනු වෙනුවට ‘වල සතිය‘ නමින් සතියක් පුරාවට විහිදෙන විවිධ වූ කලා අංග සහිතවය.
වල සතිය මෙසේ සංවිධානය කෙරේ.
අගෝග 15 ගීත නාටකය (ජහුටාව)
අගෝග 17 චිත‍්‍ර ප‍්‍රදර්ශනය හා වීදී නාට්‍යය
අගෝග 18 ගීත සැදෑව
අගෝග 22 අංගම්පොර සටන් සන්දර්ශනය
අගෝග 24 සොකරි නාටකය
අගෝග 26 කෙම්බිමක සේයා සමාප්ති උළෙල

Leave a Reply