වලස්මුල්ල පොලිසිය නීතිවිරෝධී ලෙස පෙ.ස.ප. සාමාජිකයකු අත්අඩංගුවට ගනී!

arrested

වලස්මුල්ල පොලිසිය විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයකු නීති විරෝධී ලෙස අත්අඩංගුවේ තබාගෙන බලපෑම් කර චෝදනා විරහිතව නිදහස්කර තිබේ.
ඊයේ(12) රාත්‍රි 11.30ට පමණ වලස්මුල්ල නගරය ආසන්නයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්යරම පුවත්පත වන ‘වම‘ පුවත්පත් ළග තිබී හමුවූ අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ ලන්දගේ රංජිත් නම් පෙ.ස.ප. සාමාජිකයාය. පොලිසියට ගෙන ගිය අවස්ථාවේ ඔහු වෙත පැමිණි වලස්මුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා තර්ජනාත්මකව පවසා ඇත්තේ පෙ.ස.ප. ක්රිේයාකාරකම් වහාම නවත්වන ලෙසයි. දේශපාලනය කරන්න අවශ්ය නම් ශ්රී ලංකා හෝ යූඑන්පී පක්ෂ දෙකින් එකක් තෝරාගන්නා ලෙස කියා ඇති ඔහු “උඹලට නම් මෙහෙ දේශපාලනය කරන්න දෙන්නෙ නෑ“ යනුවෙන් රංජිත්ට තර්ජනයක්ද කර ඇත.
රාත්‍රියේ අත්අඩංගුවේ තබාගෙන සිටි රංජිත්, අද දින පෙරවරු 10.00ට පමණ කිසිදු චෝදනාවක් නොකර අධිකරණයට පවා ඉදිරිපත් නොකොට නිදහස් කර ඇත. එහිදී අවශ්යඅ වුවහොත් පොලිසියට නැවත කැදවන බවට තර්ජනයක්ද සිදුකර ඇත.

මේ සිදුවීම පිළිබද අප කළ විමසීමකදී වලස්මුල්ල පොලිසියේ මෙම නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට හා මානව හිමිකම් කොමිසමට දැනුම්දීමට අදහස් කරන බව පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රාජපක්ෂ පාලනය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන බවට පොරොන්දු දුන් හවුල් ආණ්ඩුවක් පත්වුවද, පොලිස් කොමිසමක් පත්කිරීම හෝ පොලිස්පති අලුත්වීම යන කරුණු තිබියදී ලංකාවේ පොලිසිය තවමත් නීතිය අතට ගෙන කටයුතු කරන බවයි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම තවමත් ජනතාව විසින් ජයගතයුතු අරගලයක් ලෙස හදුනාගන්නට මෙවැනි අත්දැකීම් ඉවහල්වන බව ද ඔහු පෙන්වා දුන්නේය.