කොළඹ නගර සීමාව තුළ වෙළෙඳාම් කරන වෙළෙඳුන් 1158ක් එලවා දැමීමට තීරණය කර තිබේ. ඊට අදාළ පියවර ගන්නැයි පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා පොලිසියට සහ කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට නියෝග කර තිබේ.
මෙම වෙළෙඳුන් එලවා දමන්නේ අනවසර ලෙස වෙළෙඳාමේ නිරත වීමේ චෝදනාව එල්ල කරමිනි. කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පරිසර ආරක්ෂණ කොට්ඨාසය සිදු කළ සමීක්ෂණයකදී කොළඹ නගරයේ අනවසරයෙන් වෙළෙඳාමේ නිරත වන වෙළෙඳුන් 699 දෙනකු සිටින බවත් අනවසර ලොතරැයි කුටි 221ක් සහ ජංගම රථ 120ක් ඇති බවත් සොයා ගෙන ඇතැයි ඇමැතිවරයා පවසයි. කොළඹ නගරයේ පුවත්පත් අලෙවිසැල් 45ක් පවත්වා ගෙන යයි.
කොළඹ නගරයේ සිඟමන් යැදි පුද්ගලයන්ගේ හිසට කොන්කී‍්‍රට් කැබැලිවලින් ගසා මරා දැමීම පිළිබඳව රාජපක්ෂ පාලනයට චෝදනා එල්ල විය. කොළඹ නගරයේ පදික වේදිකාවේ සුළු සුළු සිල්ලර බඩු විකුණා ජීවිතය ගැට ගසා ගන්නා වෙළෙඳුන් ඉවත් කිරීම පසුගිය ආණ්ඩුව සමයේ සිට ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියකි.