විම්බල්ඩන් කාන්තා ටෙනිස් කිරුළ සෙරීනා විලියම්ස්ට

sereenweb

ජර්මන් ක්‍රීඩිකා ඇන්ජලිකා කේබර් ලකුණු 7-5 ක් සහ 6-3 ක් ලෙස පරදවා මෙවර විම්බල්ඩන් කාන්තා ටෙනිස් කිරුළ දිනාගැනීමට ඇමරිකානු ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ඊයේ සමත්විය. ඇය එම කිරැළ මෙවර දිනා ගනු ලැබූයේ හත්වැනි වතාවටය.

ග්‍රෑන්ඞ් ස්ලෑම් තරග වැඩිම සංඛ්‍යාවක් දිනා සිටි ස්ටෙෆී ග්‍රාෆ්ගේ වාර්තාව ඊයේ මෙම ජයග්‍රහණයත් සමග සෙරීනා විසින්සම කළාය.

ලන්ඩන් නුවර පිහිටි විම්බල්ඩන් ක්‍රීඩාංගණයේදී ලබා ගත් මෙම ජයග්‍රහණය හේතුවෙන් පසුගිය ජනවාරියේ ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයේදී ඇන්ජලිකා හමුවේ ලද පරාජයේ වේදනාව මකා ගන්නට ඇය මෙවර සමත්වූවාය.

මෙයට පෙර අවස්ථා දෙකක් සෙරීනිට මෙම ග්‍රෑන්ඩ් සැලෑම් ශූරතා 22 දෙක දිනා ගැනීමේ අවස්ථාව අයට අහිමි කරනු ලැබුවේ පසුගිය ජනවාරි මස ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලිය හා ප්‍රංශ විවෘත තරගාවලියන්හිදීය.

සෙරීනාට එම අවස්ථාව ඕස්ට්‍රේලියාවේදී අහිමිකරනු ලැබුවේ ඇන්ජලිකා විසින්ය. අනෙක් අවස්ථාව ඇයට අහිමි වූයේ ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් තරගයේදී ස්පාඤ්ඤයේ ගාබේන් මුගුරුසා විසිනි.