යුද්ධය සමයේ ලංකාවේ මානව හිමිකම් කඩවීම් සහ අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන හා ජාත්‍යන්තර සංවිධානවලට එක්සත් ජාතීන්ගේ සමුළුවේදී අදහස් දැක්වීමේ අවස්ථාව හෙට(14) දිනයේ හිමිවේ.
අද දින ස්විට්සර්ලන්තයේ ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 33 වැනි වාර්ෂික සැසිවාරය ආරම්භ විය. සැප්තැම්බර් 30 වැනිදා තෙක් පැවැත්වෙන මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාව ඇතුළු මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 ක මානව හිමිකම් ප‍්‍රගතිය පිළිබඳව මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් ගේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කෙරේ. එහිදී ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතිය ප‍්‍රවර්ධනය කිරීමේ තේමාවෙන් යුතුව මානව හිමිකම් මහ කොමසාරිස් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කරුණු දැක්වීමට නියමිතව ඇත. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව අදහස් දැක්වීමට යයි.