ඊයේ රාත්‍රී රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක ස භාව විසින් විපක්ෂයට හිමිවියයුත් ප්‍රධාන තනතුරු තුනක් පිළිබදව තීරණය ගැනීමේ සම්ර්‍පර්ණ බලය ජනාධිපතිවරයාට පවරා ඇත ඒ අනුව විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, නියෝජ්‍ය කථානායක යන තනතුරු සඳහා මන්ත්‍රීවරුන් පත්කිරීමේ සම්පූර්ණ බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම පක්ෂයේ සභාපති වශයෙන් පවරාගෙන තිබේ.
ඊයේ (28) රැස්වුණු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම යෝජනාව සම්මත වෙකරගෙන ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 95 දෙනාගෙන් 80 දෙනෙකු ශ්‍රීලනිපය නියෝජනය කරන බැවින් ඒ සියලුම දෙනා ජනාධිපතිගේ තීන්දුව ඒකමතිකව සම්මත කළ යුතු බවට තීරණයක් ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉහත ගන්නා ලද තීරණයට පිටින් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු මෙම පත්කිරීම් වලට අදාළව ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහි වුවහොත් ඔහුට හෝ ඇයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ එකඟවී තිබේ.
එමෙන්ම දෙපාර්ශවය අතර සම්මුති ආණ්ඩුවකදී ශ්‍රීලනිපය විසින් ලබාගන්නා ඇමැති ධූර සම්බන්ධයෙන්ද තීරණය ගැනීමේ බලය ශ්‍රීලනිප සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටම පැවරීමටද මෙහිදී කටයුතු කර ඇත.

