පැරණි ව්යවස්ථාවට අනුව සිදුකරන ලද බඳවාගැනීම් සඳහා විදුහල්පති උසස්වීම් ලබා දීමේදී නව ව්යවස්ථාවට අනුව කටයුතු කිරීම අසාධාරණ බව ලංකා ගුරු සේවා සංගමය ප්රකාශ කරයි.
ඒ අනුව උසස්වීම් ලබා දීමේදී දෙමල භාෂාව ඉහලින් සමත් වීම අනිවාර්ය කර ඇති බවද රාජ්ය පරිපාලන සේවයේ නිලධාරීන්ට උසස්වීම් ලබා දීමේදී මෙම කොන්දේසියෙන් නිදහස් කර තිබීමත් විදුහල්පතිවරුන් එසේ නිදහස් නොකිරීමත් අසාධාරණ බව එම සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්රකාශ කරන ලදි.