වැලිකන්ද සිසුන්ගේ හැකියාවන්ට මුදල් හරස් වේ.
Posted on 06.14.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
පොලොන්නරුව වැලිකන්ද මහා විද්‍යාලයේ සිසුන් සමස්ත ලංකා නර්තන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති අතර අදාළ තරගාවලියට ඉදිරිපත් වීමට අවශ්‍ය වස්ත්‍රාභරණ සැපයීමට එම විද්‍යාලයට හැකියාවක් නොමැති කමින් ඒ සඳහා දෙමාපියන්ට දයක වීමට සිදුවීම හේතුවෙන් අදාල තරගාවලියට එම සිසුන්ට ඉදිරිපත් වීය නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව වාර්ථා වේ.
මෙම සිසුන්ගේ දෙමාපියන් ගොවිතැන් කිරීම තුළින් උපයා ගන්නා මුදලින් ජීවත් වන බවත්, මෙම සිසුන් 36 දෙනා වෙනුවෙන් අවශ්‍ය රුපියල් 2,18,000 ක මුදල කිසිසේත් මෙම දෙමාපියන්ට දරා ගත නොහැකි තත්වයක් බවත් විද්‍යාලයීය ගුරුවරුන් පවසයි.
පසුගිය 06 වන දින අනුරාධපුර ස්වර්ණපාලි මහා විද්‍යාලයේ පැවති පළාත් නර්තන තරගාවලියෙන් අංශ දෙකකින් ප්‍රථම ස්ථාන හිමිකරගත් මෙම සිසුන් කොළඹදී පැවැත්වීමට නියමිත සමස්ත ලංකා තරගාවලියට සුදුසුකම් ලබා තිබුණි.
Related News