තැපැල් වර්ජනය අදත් ක්‍රියාත්මකයි
Posted on 06.14.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ(13) දින ආරම්භ කරන ලද දීපව්‍යාප්ත වැඩ වර්ජනය අද(14) දක්වා දෙවන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී. එම සංගමය පවසන්නේ මේ වන තෙක් තම ඉල්ලීම් වලට නිසි පිළිතුරු ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව වේ.
තැපෑලේ සේවකයින් මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමට හේතු වුයේ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වසර 100කට වඩා ඉපැරණි ගොඩනැගිලි හෝටල් ඉදිකිරීම වෙනුවෙන් විකුණා දැමීමට එරෙහිවය.
ඉදිරියේදී මෙම ක්‍රියාවලිය නතර කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් අඛන්ඩ වැඩවර්ජනයකට යෑමට කටයුතු කරන බව එම සංගමය වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.
මේ වන විට තැපෑලේ ලිපි ලක්ෂ ගණනින් ගොඩ ගැසී ඇති බව වාර්තා වන අතර තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. අබ්දුල් හලීම් මේ සම්බන්දව අදහස් දෙමින් පවසා තිබුනේ මෙවන් වර්ජනයක් ඇති බවට තමාට ආරංචියක් තිබෙන නිසා ඔවුන් සමඟ කතා කල බවත් එවැනි විකිණීමක් සිදු නොවන බැවින් මෙය අසාධාරණ ඉල්ලීමක් බවත්ය. මහනුවර දුම්රියපොළ ඉදිර්පිට එවැනි ඉදිකිරීමක් සිදු කරන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
ආශ්‍රිත පුවත්